Colombo Today Local News

“ශ්‍රී ලංකික” යනු විකුර්තියක් – බොදු බලේ දිලන්ත කියයි

අද වනවිට සිංහලයන් ගැන කතා කිරීමට නොහැකි තත්වයකට රට පත්වී ඇති බව පසුගිය 7 වනදා නුගේගොඩදී පැවති බොදු සමුළුවක් අමතමින් බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා සදහන් කර සිටියා.

සිංහලයන් ගැන කතාකරන සෑම අවස්ථාවකදීම “කතාකරන්න එපා ශ්‍රී ලංකික ලෙස සිතන්න” යනුවෙන් පවසන බවත් “ඊනියා විකුර්ති ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුල සිංහල ජාතිකත්වය සහ සිංහල ජාතියට හිමි තැන නැති කරමින් පවතිනවා” බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

සිංහලකම, සිංහල භාෂාව, සිංහල අහාර පද්දතිය ඇතුළු සියලු සිංහල බෞද්ධ අනන්‍යතාවය විනාශ කරමින් පවතින බවත් එසේ විනාශකළ සිංහල බෞද්ධ අනන්‍යතාවය නීතිමය වශයෙන් සිංහල බෞද්ධයාට මේ රට නැති කිරීමේ ක්‍රියාවලියක් ලෙස නව ව්‍යවස්ථාව කරලියට පැමිණ ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් දිලන්ත විතානගේ මහතා ප්‍රකාශ කර සිටියා.

Related posts

බෑනාගෙන් පහරකෑ මාමා මරු දකී

Admin

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මිය යයි

Admin

හාමුදුරුවෝ හිරේ දැම්මා. සිංහලයාට අභියෝග කලා. අපි පැරදුනේ ඒ නිසයි. මනුෂ නානායක්කාරගෙන් ස්වයං විවේචනයක්

colombotoday

තේ කර්මාන්ත ශාලාවක් අළු වෙයි

Admin

ජනමතයට නිගරු කරමින් ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු – කරු ජයසූරියගෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

පාසල් දරුවන් මත් කරන්න ගෙනා මත්දුම් කුඩු කුප්පි 70000ක් රේගුවෙන් පන්නයි !

colombotoday