Colombo Today Local News

බෑනාගෙන් පහරකෑ මාමා මරු දකී

යාපනය, කරවෙඩ්ඩි, නෙල්ලියඩි ප්‍රදේශයේදී සිය බෑනා සිදුකළ පහරදීමකින් තුවාල ලැබු පුද්ගලයෙකු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි නේසරාසා ඇන්ටන් නමැති පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ අක්කාගේ පුතා විසින් පසුගිය 09 වැනිදා බීමතින් පැමිණ සිය මාමාට පහරදීමක් සිදුකොට ඇති අතර, පහරකෑමෙන් තුවාල ලැබු පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කොට තිබිණ.

තුවාලකරු ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (13)දින ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පහරදීම සිදුකළ පුද්ගලයා යාපනය,මන්තිකෙයි ප්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු යාපනය පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් නේල්ලිඅඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

උතුරු/නැගෙනහිර හර්තාලයට බදුර්දීන් රජයේ වාහන අවභාවිතා කරලා.. ජනපතිට ලිපියක්

colombotoday

බිඳවැටී ඇති ආර්ථීකය ගොඩනගන්න පුළුවන් UNPයට පමණක් බව රනිල් කියයි

colombotoday

අද බදුලු යන සියලු දුම්රිය ධාවනය වෙන්නේ නානුඔයට පමණයි

Admin

බසයක් ටිපර් රථයක ගැටී 26ක් රෝහලේ

colombotoday

නිදොස් කොට නිදහස් වූ පිල්ලෙයාන් මැලේසියාවට පලා යයි

colombotoday

ත්‍රිකුණාමලයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

colombotoday