Colombo Today Local News

“විමල්ට එරෙහි සියලු චෝදනා අවුරුද්දට පෙර ගොණු කරන්න“ අගමැතිගෙන් උපදෙස්

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවතින සියලු චෝදනා සිංහල අලුත් අවුරුද්දට පෙර ගොනු කර අවසන් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ රජයේ නීති අංශවලට උපදෙස්‌ දී ඇත.

වීරවංශ මහතා සම්බන්ධයෙන් පවතින චෝදනා පදනම් කරගනිමින් ඇප ලබාදීමට විරුද්ධ නොවන ලෙසද අගමැතිවරයා නිති අංශ වෙත උපදෙස්‌ දී තිබේ.

වීරවංශ මහතාට ඇප ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයා ගෙන් අවස්‌ථා ගණනාවකදී ඉල්ලීම් කර ඇති අතර මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයේ තැබීමට රජයට කිසි අවශ්‍යතාවයක්‌ නැතැයිද අගමැතිවරයා එහිදී පවසා ඇත.

ඒ අනුව සිංහල අලුත් අවුරුද්දට පෙර විමල් වීරවංශ මහතාට ඇප ලබාදීමට හැකිවන පසුබිම රජයේ නීති අංශ විසින් සැකසෙන බව රජයේ ජ්‍යෙෂ්ඨයෙක්‌ පවසා සිටී.

Related posts

පාන් ආඥා පනත අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

දුම්රිය දෙපාර්තමේන්තුව සතු එකම ටැම්පින් යන්ත්‍රය චීන සමාගමකට… රජයට කෝටි ගණනක පාඩුවක්…

colombotoday

දෙවනගල ප්‍රේරණ කලාපය සලකුණු කිරීම ඇරඹෙයි.

colombotoday

‘‘මොහාන් පීරිස් ඉවත් කිරීම නීතියට පටහැනියි‘‘ – අධිකරණ ඇමැති අලිසබ්‍රි මවුලානා

colombotoday

රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බදු සහනයේ වෙනසක්

colombotoday

ගෝඨාභය රාජපක්ෂ රජය නිසා ආර්ථිකය කඩා වැටිලා- රනිල්

colombotoday