Colombo Today Local News

පාන් ආඥා පනත අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇත.

පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන අයුරින් විධිවිධාන ඇතුළත් කර 1864 අංක 13 දරන පාන් ආඥාපනත පනවා තිබේ.

නමුත් පාරිභෝගික පනතේ ඇතැම් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී පාන් ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටලු පැන නැගෙන අවස්ථාවන් වාර්තා වන බැවින් මෙලෙස එම පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොමැති බව හඳුනාගෙන ඇත.

Related posts

ශුක්‍රාණු ආනයන බලපත්‍ර ඉවත් කෙරේ

colombotoday

පනාමුර පොලීසියේ දී මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කරයි.

colombotoday

අපි නිතරම රට යනවා කියා දොස් කියනවා…

colombotoday

වැලිගම නිවසක ගින්නක්. නිදියහනේ සිටි සිගිත්තිය පිළිස්සී මිය යයි

colombotoday

රෝහල් කනිෂ්ඨ සේවකයින් ලෙඩ වෙයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday