Colombo Today Local News

නව මැතිවරණ පනතට අනුමැතිය

මැතිවරණ (විශේෂ විධිවිධන) පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති විට මාධ්‍ය උපමාන උල්ලංඝනය කරන අවස්ථාවන්හිදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත ,පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම පිණිස 2022 වසරේ දෙසැම්බර් 12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

ඉහත සංශෝධනයන් ඇතුළත් කරමින් අදාළ මැතිවරණ පනත් වෙන් වශයෙන් සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ පනත නමින් නව පනතක් හඳුන්වා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇතැයි රජය නිවේදනය කරයි.

ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කරමින් නව පනතක් හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Related posts

“ජනාධිපති ගෝඨාභය සිංගප්පූරුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නෑ…”

colombotoday

මන්ත්‍රීන්ට කුලී වාහන සැපයීමේ තීරණය අත්හිටුවයි !

colombotoday

ආණ්ඩුව පාලනය කරන්නේ ගෑනුත් නොවන, පිරිමිත් නොවන පිරිසක්

colombotoday

ලබන ඉරුදිනත් දේව මෙහෙයන් පැවැත්වීමෙන් වලකින්න – කාදිනල්තුමා ඉල්ලයි

colombotoday

යාපනය සරසවියේ කොටි ස්මාරකය වෙනුවට සාමකුලුනක් ඉදිකිරීමට මුල්ගල තබයි.

colombotoday

මැදවච්චියේ හෝටල් හිමිකරුවෙක් විදේශක කාන්තාවන් රවටා කෝටි ගණනක මුදල් අරන්. එක් කාන්තාවක් අතුරුදහන්.

colombotoday