Colombo Today Local News

ත්‍රීමලේ වරායේ තෙල් ටැංකි ඉන්දියාවට.! අගමැතිගේ කැබිනට් යෝජනාවට ඇමතිලාගේ විරෝධය

ත්‍රිකුණාමලය වරායේ තෙල් ටැංකි කිහිපයක් ඉන්දීය සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහහ මහතා පෙරේදා (04) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රීලනිප ඇමතිවරු කිහිපදෙනෙක් විරෝධය පළකර තිබේ.

ත්‍රිකුණාමලය වරායේ තෙල් ටැංකි 15ක් ඉන්දීය සමාගමට බදු දී 15ක් රජය සන්තකයේ තබා ගත යුතු බවට එහිදී ඛනිජ තෙල් ඇමැති චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කර ඇත.

රජයේ දේපළ මෙලෙස විකිණීමෙන් ජනතා විරෝධයක් මතු විය හැකි බව එහිදී දයාසිරි ජයසේකර ඇමැතිවරයාද පෙන්වා දී ඇත. රටේ ආර්ථික මර්මස්ථාන පිටරටට විකුණන බවට ජනතාව තුළ කුකුසක් ඇති වී ඇති බැවින් මෙම කටයුතු විනිවිද භාවයකින් යුතුව සිදු විය යුතු යැයි අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී අදහස් ප්‍රකාශ කර ඇත.

“අයිසෙ ජනතාව ගැන අපි බලාගන්නම්. ඇමැතිවරු ඊට මහන්සිවෙන්න අවශ්‍ය නෑ“ යැයි අගමැතිවරයා තදින් පවසා ඇත.

Related posts

වැඩි මිලට සිල්ලර වෙළදුන්ට සහල් විකිණූ සහල් නිෂ්පාදන ආයතනයකට නඩු

colombotoday

බස් රථ තුළ වෙළෙඳාම් කිරීම තහනම් !

colombotoday

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin

ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් බවට ලැබුණු පැමිණිල්ලක් මත අයෙක් අත්අඩංගුවට

colombotoday

ඊ-නිවිස් කතෘ අල්ලන්නැයි ජනපති කීවා යැකි කියන කතාව ගැන ජනපති මාධ්‍ය ඒකකය පැහැදිළි කරයි

colombotoday

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday