Colombo Today Local News

“ඩෙංගු මර්ධනය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට බෑ“ සෞඛ්‍ය ඇමති රාජිත

ඩෙංගු රෝගය මර්ධනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

“පිරිසුදු සිංගප්පූරුවේ ඩෙංගු රෝගීන් 30,000 ක් සිටිනවා. මැලේසියාවේ එක්ලක්ෂ විසිදහසක් පමණ සිටිනවා. ඩෙංගු කියන එක ලේසියෙන් මර්දනය කරන්න බැහැ. හැම දියුණු රටකම ඩෙංගු රෝගය තිබෙනවා මර්දනය කරගන්න බැරිව. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන්න බැහැ. මැලේරියා මදුරුවා මර්දනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ හැකි දෙයක්. අපි ඒක කළා. කියුබාවේ ඩෙංගු නැති කළේ බෝවෙන ගෙදරක් තිබුණොත් ඒ ගෙදරම විනාශ කරලා දාන්න නියෝග දීලා. මේකට බය වුණ ජනතාව ඒ සියලුම බෝවෙන තැන් ඉවත් කළා. එහෙම නියෝගයක් දෙන්න පුළුවන් වුණොත් ඩෙංගු රෝගය ලංකාවේ නැතිකරන්න පුළුවන් වෙවි. ඒනිසා තමයි දඩය 25,000 දක්වා වැඩි කරන්න මම නියෝග කළේ. ඩෙංගු රෝගය මර්දනය කරන්නනම් දැඩි තීන්දු ක්‍රියාත්මක කරන්න වේවි“

Related posts

නුගේගොඩ ගණිකාවියො තිදෙනකු අත්අඩංගුවට

Admin

කහ, එනසාල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සිවු දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

පහන්තුඩාවේ සිද්ධියට සම්බන්ධ නොවන යුවලකගේ ඡායාරූප පළ වීම ගැන විමර්ශනයක් පවත්වන්නැයි ඇමති සරත් වීරසේකර නියෝග කරයි.

colombotoday

බදුර්දීන්ට වන වගාව සිදුකිරීමට නියෝග ලබා දුන් තීන්දුවට මුල් වී ඇත්තේ අනුර ප්‍රියදර්ශන යාපාගේ ගැසට්ටුවක්

colombotoday

සියලු මාධ්‍ය නියාමනයට විකාශන අධිකාරියක් පිහිටුවීමට අවධානය

Admin

69 වන නිදහස් දිනය දා යාපනයේ කළු කොඩි එසවේ

colombotoday