Colombo Today Local News

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ තවත් ඉහළට

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 වන විධායක ජෙනරාල්වරයා ලෙස පත්කර තිබේ.

යුද හමුදා විධායක ජෙනරාල් කාර්යාලයේදී බ්‍රහස්පතින්දා (30) ඔහු වැඩ භාර ගත්තේය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වන්නි මානුෂීය මෙහෙයුමේදී 58 වන සේනාංකාධිපතිවරයා ලෙස යුද ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පත්කළ බව යුද හමුදාව පවසයි.

අවසන් වරට යාපනය යුද හමුදා ආඥාපතිවරයා ලෙස රාජකාරි කළ සේනානායක මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වන මාණ්ඩලික ප්‍රධානියා වෙයි.

Related posts

අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල කිරිමට කැබිනට් අනුමැතිය

colombotoday

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනික සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද මෙරටට

colombotoday

මෙරටට පැමිණ රැකියා අහිමි ශ්‍රමිකයින්ට දීමනාවක් සහ පොලී රහිත ණයක්

colombotoday

දෙදරු පියා ගිනි තියාගෙන ත්‍රිරෝද රථයටත් ගිනි තියලා

Admin

අගමැතිතුමා කියන්නේ මෝඩ කතාවක් – විමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

colombotoday

ගෝඨාභය ජනපති අපෙක්ෂක කරන්න, වෙන විකල්පයක් නෑ – වයඹ සංඝනායක හිමියෝ හිටපු ජනපතිට කියයි

colombotoday