Colombo Today Local News

මෙරටට පැමිණ රැකියා අහිමි ශ්‍රමිකයින්ට දීමනාවක් සහ පොලී රහිත ණයක්

විදෙස්ගතව සිට මෙරටට පැමිණ රැකියා නොමැතිව සිටින පුද්ගලයින්ට රුපියල් 100,000ක දීමනාවක් ලබාදීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඔවුන්ට මෙරට තුළ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ද තවත් රුපියල් 50,000ක පොළී රහිත ණයක් ලබාදීමට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා යෝජනා කරඇති බවය.

“රැකියා අහිමිවෙලා ලංකාවට පැමිණෙන විදේශීය ශ්‍රමිකයින් වෙනුවෙන් දැනට අපි කාර්යාංශය මගින් රුපියල් 50,000ක් දෙනවා. මම කිව්වා මේ 50,000 වැඩි කරන්න කියලා ලක්ෂය දක්වා. තවත් රුපියල් 50,000ක පොලී රහිත ණයක් දෙන්න කියලා කිව්වා යම් ව්‍යාපාරයක් පටන් ගන්න. සමහර අයට අව්‍යශයි නැවත පිටරට යන්න. එහෙම යන්නෙ නැතුව ඉන්න ඕන අය සිටී නම් ඒ අයගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා රුපියල් 50,000 මුදල ලක්ෂයක් දක්වා වැඩි කරලා අවශ්‍ය කටයුතු කරන්න කියලා මම උපදෙස් දුන්නා.”

මෙරටට පැමිණීමට ගුවන් ටිකට් පත් ලබා ගැනීමට නොහැකිව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මීට පෙර පැවසීය.

අමාත්‍යවරයා පවසන්නේ එවැනි ශ්‍රමිකයින් අදාළ රටේ කොන්සියුල කාර්යාලයේ ලියාපදිංචි වී තම ගැටලුව ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

colombotoday

“ගෝඨාභය අත්අංගුවට ගැනීමට ඉඩ නොදෙන්නේ ජනපති මෛත්‍රීයි..” – නීතීඥ සුගන්ධිකා

colombotoday

ඉෂාලිනිගේ කාමරයේ බිත්තියේ තිබූ “මගේ මරණයට හේතුව” සටහන

colombotoday

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

colombotoday

පඩි මදිනම් වෙන රස්සාවක් හොයාගන්නවා ! – අගමැති විගණකාධිපතිට කියයි

colombotoday

කොළඹ මහ නගරසභා වෙබ් අඩවියෙන් සිංහල භාෂාව ඉවත් කරයි

colombotoday