Colombo Today Local News

බිම්බෝම්බ ඉවත්කිරීමට වාර්ෂික අවබෝධතා ගිවිසුමක්

බිම්බෝම්බ ඉවත් කිරීමේ අන්තර් ජාතික, දේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ රජය අතර වාර්ෂික අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ(2) දින ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.

මෙහිදි 2020 සහ 2021 වර්ෂ සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කළ අතර රජය වෙනුවෙන් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන මහතා සහ මැග් ආයතනය, හලෝ ට්‍රස්ට් ආයතනය, ඩෑෂ් ආයතනය සහ පාර්ප් ආයතනය යන අන්තර් ජාතික හා දේශීය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් විසින් මේ සඳහා අත්සන් කරනු ලැබිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙල මේවන විට ක්‍රියාත්මකයි.

බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සෘජු අධීක්ෂණයට ලක්වන අතර පසුගිය දිනවල කිළිනොච්චිය, මුහමලේ ප්‍රදේශයේදී එහි නිරීක්ෂණ කටයුතු සඳහා එතුමා සහභාගි වූ අතර 2022 වසර වන විට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.

2002 වසරේ සිට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන දිවයින තුළ ක්‍රියාත්මක වන අතර 2010 වසරේදී ඒ සඳහා ‘බිම්වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ ආරම්භ කරනු ලැබුවා.

බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන සම්බන්ධීකරණය, මෙහෙයවීම හා අධීක්ෂණය එමගින් සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකා යුද හමුදාව මේ සඳහා සෘජු දායකත්වය ලබා දෙයි.

Related posts

“ප්‍රභාකරන්ට බැරි වූ දේ කරන්න අපි අඛණ්ඩව උත්සහා කරනවා“ – TNA උතුරේදී කියයි

colombotoday

අරාබි භාෂාවත් නිල භාෂාවක් වෙයි..!! බදුල්ල කච්චේරියේ නාම පුවරුවල අරාබි වැකි..

colombotoday

කපා කොටා ඝාතනය කළ කතකගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin

මාස 3ක් යන්න කලින් මේ ආණ්ඩුව පෙරළනවා

colombotoday

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

colombotoday

පාපැදි භාවිත කරන්න මහින්ද අමරවීර කියයි. රැකියාවට පාපැදියෙන් ගියොත් ප්‍රතිලාභ

colombotoday