Colombo Today Local News

කෘෂිකර්ම අමාත්‍යාංශයේ තීරණය වෙනස් වෙයි – පළිබෝධනාශක ගෙන්වන්න අවසර

පළිබෝධනාශක යළි ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. වී වගාවේ දුඹුරු පැළ කීඩෑ හානිය, බඩඉරිඟු වගාවේ සේනා දළඹු හානිය, අර්තාපල් වගාවේ දිලීර වැනි එක් එක් වගාවන්ට ආසාදනය වන විශේෂිත වසංගත රෝගවලට අවශ්‍ය පළිබෝධනාශක ආනයනය කිරීමට නියමිතය.

මෙම පළිබෝධනාශක භාවිත නොකිරීම මගින් ජාතික නිෂ්පාදනයට බලපෑම් එල්ල විය හැකි බැවින් පළිබෝධනාශක ආනයනය කිරීමට සැලසුම් කර ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති කෘෂිරසායන අංශය මගින් හෝ පළිබෝධනාශක නිෂ්පාදනය කරන මවු සමාගම්වල දැනටමත් ලියාපදිංචි වී ඇති දේශීය නියෝජිත සමාගම් මගින් පළිබෝධනාශක ආනයනය කිරීමට නියමිතය.

වගා කන්නයකට අවශ්‍යතාවයෙන් 10%ක් පමණ ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යෝජනා කර ඇත. ආනයනය කරන පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගබඩාවල ගබඩා කර තැබීමට නියමිතය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නම් කරන පාර්ශ්ව වෙත පමණක් නිදහස් කිරීමටද සැලසුම් කර ඇත.

තවද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතිය යටතේ දේශීය සමාගම් ආනයනය කරන පළිබෝධනාශක විවෘත වෙළෙඳපොළේ විකිණීම සඳහා නිකුත් කිරීමටද නියමිතය. පරිසර හිතකාමී වගාවන් සඳහා භාවිත කළ හැකි පළිබෝධනාශක මෙලෙස අලෙවි කළ යුතු වෙයි.

Related posts

2020 ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද !

colombotoday

ඊයේ කරපු දේ, ඉස්සරහට කරන්න යන දේ ගැන නාමල් ෆේස්බුක් ලයිව් ඇවිත් කියපු දේ (Video)

colombotoday

සැලසුම් කළ සැත්කම් ඇනහිටීමේ අවදානමක්

colombotoday

CID භාරයේ සිටි කතක් උඩු මහළින් පැන සියදිවි හානිකර ගනී

colombotoday

වැලි ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස මියගිය

colombotoday

මැතිවරණ ප්‍රතිපල නිකුත් කරන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැදූ වෙබ් අඩවිය අක්‍රියයි

colombotoday