Colombo Today Local News

“බලහත්කාරය යොදන්න වුවත් සූදානම්“ ඉන්දියාවෙන් ලංකාවට ප්‍රබල තර්ජණයක් !

2009 අවසන් යුධ සමයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි ලෙස වේදනාවට පත්ව සිටින බවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් ඉන්දියාව පෙනී සිටින බවත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ආරක්ෂාකරදීම ඉන්දියාවේ ඉලක්කය බවත් අවධාරණය කර ඇති විදේශ ඇමතිනිය ඒ සදහා ක්‍රියාමාර්ග දෙකක් පවතින බව ඉන්දීය රාජ්‍ය සභාවේදී ප්‍රකාශ කර ඇත.

එක් පියවරක් වන්නේ බලහත්කාරය යොදා කටයුතු කිරීමයි… මිතුරු රටක් සමග අවබෝධාත්මක ලෙස සහයෝගයෙක් කටයුතු කිරීම එහි අනෙක් විකල්පයයි. යනුවෙන් ඉන්දීය රජයේ නිල ස්ථාවරය දක්වමින් ඇය අවධාරණය කළ බව ද හින්දු පුවත්පත පවසයි.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඉන්දියාව මෙලෙස ඇගිලී ගැසීම අතිශය බරපතල තත්ත්වයක් වන අතර, ඉන්දියානුකරණය වූ යහපාලනය ඒ සදහා ඉන්දියාවට බලය ලබා දී තිබෙනවාද යන්න වහා හෙළි කල යුතු බවට මධ්‍යස්ථ පාර්ශව ප්‍රකාශ කරයි.

මේ අතර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සදහා ඉන්දියාව අනිසි ලෙස මැදිහත්වීමට උත්සහා දරණවානම් ඉන්දියානු නිශ්පාදන ශ්‍රී ලංකාව තුල වර්ජණය කිරීම සදහා ජනමතය පෙළගස්වන බවට සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් පැවසීය.

 

Related posts

මනූෂ නානායක්කාර CID ය හමුවට

colombotoday

අළුත් ව්‍යවස්ථාවෙන් උපරිමයෙන් බලය බෙදා ගන්න දෙමළ-මුස්ලිම් සාකච්ඡා

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගුටි කෙලියක – පුටුවලිනුත් පහර දෙයි.

colombotoday

තමන්ට අනන්‍ය වූ ආකෘතියකින් ශක්තිමත් සම්පත් බැංකුව විනාශ කිරීමට ජාතිවාදය අවියක් කර ගැනීම

colombotoday

වරාය රවීට.. මුදල් අගමැතිට.. ඇමති මාරුව මාර්තුවේ !!

colombotoday

ඩොලරයේ අද මිල

Admin