Colombo Today Local News

ඉන්ධන අද ලැබුණොත් විදුලි කප්පාදුවක් නෑ – ලංවිම

බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන අද(20) දිනයේ ලැබුණහොත් කප්පාදුවකින් තොරව විදුලිය ලබාදිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සදහන් කරන්නේ, 25 වැනිදා සිට නොරොච්චෝලේ බලාගාරයේ සමස්ත ධාරීතාව ජාතික පද්ධතියට එක් කළ හැකි බවය.

ඉන් අනතුරුව පවතින අර්බුදකාරි තත්ත්වය පහව යනු ඇති බව ද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකම මේ වනවිට අක්‍රීය කර තිබේ.

මේ හේතුවෙන් ඊයේ රාත්‍රි ප්‍රදේශ රැසක පැය එකහාමාරකට ආසන්න කාලයක් විදුලි බලය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයට සිදුවිය.

කැලණිතිස්ස බලාගාර දෙක අක්‍රීය කිරීමෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ඒකක ප්‍රමාණය මෙගාවොට් 282 කි.

Related posts

ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට තර්ජනය කලොත් වැඩ වරදී

colombotoday

නිවසට එල්ල වූ ප්‍රහාරයකින් පසු රෝහල්ගත කළ ඉමදූව සභාපති මරුට

colombotoday

විපක්ෂ නායක ටොන් පච කියන්නේ – කතානායක-සජිත් උණුසුම් වචන හුවමාරුවක

colombotoday

ගිනි අවියක් සමග දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

colombotoday

“සංඝානුභාවේන – සංගායනාවට කාලයයි” ජාතියේ මහා චීවර පුජාව මහා විහාරයේ ආශිර්වාදයෙන් ජුනි 30 සෙනසුරාදා

colombotoday

මිරිහාන සිද්ධිය : ප්‍රතිකාර ලබන 23ක් රිමාන්ඩ්

colombotoday