World

අමෙරිකානු රූ රැජිනක් දිවි නසාගනී

අමෙරිකානු රූ රැජිනක් මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වේ.

30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් එම නිවාස සංකීරණයේ 9 වැනි මහලේ ජීවත් වී තිබේ.

ඇයගේ සිරුර උදෑසන 7ට පමණ නිවාස සංකීරණය අසල පිහිටි මං තීරුවක තිබියදී හමුවී ඇති අතර ඊට පෙර ඇය එම ගොඩනැගිල්ලේ 29වැනි තට්ටුවේ සිටින අයුරු සමහරු දැක තිබේ.

එය සිය දිවි නසාගැනීමක් බව නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව ​සඳහන් කරයි.

ක්‍රිස්ට් සිය දේපළ මවට පවරමින් ලිපියක් ලියා තිබුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කර සිටි.

“අද දින ඔබට සාමය සහ නිදහස ගෙනෙනු ඇත,” යනුවෙන් ඇය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සඳහන් කර ඇත්තේ මියයෑමට සුළු මොහොතකට පෙරදීයි.

Related posts

ඩුබායි ගිනිගද්දී සෙල්ෆි ගහලා

colombotoday

ප්‍රහාරක ජෙට් යානයක් යවා මගී ගුවන් යානයක් බස්සවාගෙන, ජනාධිපතිට විරුද්ධ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගනියි.

colombotoday

ඊශ්‍රායල හමුදාව ගාසා හී අල් ශිෆා රෝහලට ඇතුළු වෙයි

Admin

හයිටි ජනපතිව සිය නිවසේදීම ඝාතනය කරයි

colombotoday

අමෙරිකාවේ කොවිඩ් මරණ ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

colombotoday

පණ ඇති සර්පයින් හැට්ටේ අස්සේ සඟවාගෙන වරායට ආ කතක් මාට්ටු

Admin