World

පණ ඇති සර්පයින් හැට්ටේ අස්සේ සඟවාගෙන වරායට ආ කතක් මාට්ටු

කාන්තාවක් තම හැට්ටයේ පණ ඇති සර්පයන් 5 දෙනකු සඟවා ගනිමින් චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායෙන් හොංකොං නගරය බලා පිටත් වීමට උත්සාහ කිරීමේදී ශෙන්සෙන් රේගු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අමුතු ශරීර හැඩයක් ඇති සංචාරක කාන්තාවක් ෆූෂියාන් වරායේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වන අවස්ථාවේ රේගු නිලධාරීන්ගේ නෙත් ගැටී තිබේ. අමුතු ශරීර හැඩයක් තිබීම හේතුවෙන් රේගු නිලධාරීන් මෙම කාන්තාව පරික්ෂා කර ඇති අතර එහිදී කාන්තාව සිය පපු ප්‍රදේශයේ සඟවාගෙන සිටි පණ ඇති සර්පයන් 5 දෙනකු රේගු නිලධාරීන් සොයා ගෙන ඇත.

කාන්තාවගේ අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් කර නැතත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව රේගු නිලධාරීන් පවසා තිබේ. එසේම සර්පයින් පස් දෙනා අදාල බලධාරීන් වෙත භාර දීමටද රේගු නිලධාරීන් කටයුතු කර ඇත.

Related posts

2023 වසරේ, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතරේ පළමු තැන ෂාරුක්ට

Admin

එන්නත්වලින් 75% ක් රටවල් 10 ක. | දුප්පත් රටවල ජනතාව ආරක්‍ෂා කිරීමේ නව සැලසුම් සකස් කළ යුතුයි. | ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

25ට අඩු අයට ෆාමසිවලින් නොමිලේ කොන්ඩම්

Admin

100,000 ඉක්මවන අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින්

colombotoday

ප්‍රංශ ප්‍රහාරයේ මහමොළකරු අබ්දුල් හමීඩ් පොලිස් ප්‍රහාරයෙන් මරු දකී

colombotoday

තායිවානයේ භූ කම්පන වැලක්

Admin