Colombo Today Local News

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි සජබේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ගොනුකළ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 12 වනදා කැඳවීමට මුර්දු ප්‍රනාන්දු, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමෙරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරු පවසන්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40ක් වගඋත්තරකාර අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවය.

අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වාදෙන පෙත්සම්කරු එම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවද පෙන්වා දී තිබේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ලැබූ තීරණය බලරහිත කිරිමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රිවරයා ශ්‍රේෂ්ඨාධිකර‍යෙන් ඉල්ලා ඇත.

Related posts

උසස් පෙළ වෙනස් වෙයි.. අලුතෙන්ම එකතු වූ විෂයන් මෙන්න

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

“තෙල් සේවකයන්ට ගහපු එක සාධාරණයි.. ඕව මොනවද, පොඩි කේස්නෙ” – නලින් බණ්ඩාර

colombotoday

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

Admin

මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි

colombotoday

හබරාදුව ග්‍රාමසේවකවරයෙක් උපකාරක පන්තියට ආ සිසුවා අපයෝජනය කරලා

colombotoday