Colombo Today Local NewsHot News

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑ ම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේ ය.

මෙරට ආයෝජන අවස්ථා දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය එහි අරමුණ වන අතර ඒ තුළින් නව ආයෝජන අවස්ථා පහසුවෙන් හඳුනා ගැනීමට ආයෝජකයින්ට අවස්ථාව උදාවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (මාර්තු 1) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කර ඇති 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ ඉඩම් කාර්යක්ෂමව භාවිතය පිළිබඳ 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

රජයේ ආයතන හා දෙපාර්තමේන්තු සතුව භාවිතයට නොගෙන පවතින රජය සතු ඉඩම් ප්‍රමාණය කඩිනමින් හඳුනා ගැනීම සහ එම හඳුනාගත් ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් දත්ත බැංකුවක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

හඳුනාගත් ඉඩම් කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා ආර්ථිකමය වශයෙන් ඵලදායී ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, ඒ සම්බන්ධව අවශ්‍ය තීරණ ගැනීමට කමිටුවක් පත් කිරීමටත් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් දෙනු ලැබීය.

ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ අනුව වගා කළ හැකි කුඹුරු ඉඩම් නැවත වගා කිරීමටත් අනෙකුත් කුඹුරු ඉඩම්වල වෙනත් භෝග වගාකීරීමට හැකි වන පරිදි අදාල අනපනත් සංශෝධනය කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේ ය.

Related posts

බුර්කාවෙන් මළගෙදරකට ගිය 23 හැවිරිදි තරුණිය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට…!

colombotoday

කොටි ගණනක් අස්ථාන ගතවුවේ නෑ. දේවස්ථාන පිළිසකර කලේ ඒ සල්ලිවලින් – මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් නිවේදනයක්

colombotoday

බූස්ටර් එන්නත ලබා දීම අවසන් කිරීමට සූදානමක්

colombotoday

ජාතික ඉන්ධන බලපත්‍රයට ලක්‍ෂ 5ක් ඉන්ධන අරගෙන

colombotoday

බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර වලට අමෙරිකා යයි

colombotoday

රැප් එකෙන් අම්මා මතක් කල කුපාඩි ගායකයාට විරුද්ධව කීර්ති පැස්කුවෙල් පොලිසී යයි

colombotoday