Colombo Today Local News

අගමැතිට ගණන් පැටලේ.. ණය බර ගැන මහ බොරුවක් කියා රට නොමග යවයි.. ණය බරේ ඇත්ත කතාව මෙන්න !

2017 වසරේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ රජය විසින් ගෙවිය යුතු සම්පුර්ණ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන පහළොස්දහසක් බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 08දා පාර්ලිමේන්තුවේ දී කල ප්‍රකාශය ගණන් පැටලීමක් විය හැකි බව ‘වියත්මග’ සංවිධානයේ ප්‍රධානියකු වන නාලක ගොඩහේවා මහතා පවසයි.

ඔහු සිය මුහුණු පොතෙහි එබව සඳහන් කර ඇත.

“එක් එක් වර්ෂය සඳහා වෙන් වෙන්ව දක්වනවානම් 2017 වසර සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4088 ක් 2018 වසර සඳහා ඇ.ඩො බිලියන 4164 ක් ද 2019 වසර සඳහා ඇ.ඩො බිලියන 3743ක් සහ 2020 වසර සඳහා ඇ.ඩො බිලියන 3209 ලෙස ගෙවීමට නියමිත බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

”මේ සියලු ණය පසුගිය පාලන සමයේදී ගත්ත ණය. මේ අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ එන්න නම් රටේ ආදායම් තත්ත්වය වැඩි කරගත යුතුයි. ඒ සඳහා රටට ආයෝජන වැඩි වශයෙන් ලබා දිය යුතුයි.” යයි එහිදී අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබිණි.

අගමැතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් නාලක ගොඩහේවා මහතා සිය මුහුණුපොත් ගිණුම ඔස්සේ මෙසේ අදහස් ප්‍රකාශ කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 15000 ( පහලොස් දාහසක්) ශ්‍රී ලංකාව මේ වනවිට ණය වී ඇතයි පැවසිම හරිහැටි සංඛ්‍යාය ලේඛන හැදෑරීමකින් තොරව හෝ කවුරුත් හෝ දෙන ලද වැරදි දත්ත පදනම් කරගෙන පැවසූවක් බව ‘ලංකා සී නිව්ස්’ වෙබ් අඩවිය පවසයි.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ අංක 1 ආර්ථික හිමි රටවන අතර එහි සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනය ඇ.ඩොලර් ට්‍රිලියන 18.56 කි එනම් ඩොලර් බිලියන 18560කි.

2 වෙනි ස්ථානය චීනයට හිමිවේ. එය ඇ.ඩොලර් බිලියන 11391කි.

තුන්වන ස්ථානය හිමිවන්නේ ජපානයටයි. ඒ ඇ. ඩොලර් බිලියන 4730කි.

එමෙන්ම ඉන්දියාවේ වාර්ෂික දල දේශිය නිෂ්පාදනය ඇ. ඩොලර් බිලියන 2250 ක් ලබා ලෝකයේ 7 වෙනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර ශ්‍රීලංකාව ඇ.ඩොලර් බිලියන 82 කක හිමිකම් කියමින් ලෝකයේ 67 වෙනි විශාලතම වාර්ෂික දල දේශීය නිෂ්පාදනයට හිමිකම් කියයි.

https://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal

වාර්ෂික දල දේශීය නිෂ්පාදනය:

එමෙන්ම රටක වාර්ෂික දල දේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් හැටියට එම රට ගත් ණය ප්‍රමාණය ගණනය කරනු ලබයි. ඒ අනුව ඇමරිකාව එක්සත් ජනපදය 2016 වසර වනවිට සමස්ථ ණය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 17910 කි.

එනම් වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් ප්‍රතිශතය ලෙස 96% කි.

චීනය සමස්ථ ණය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 1680 කි, එය චීනයේ සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් 16% කි.

ජපානය සමස්ථ ණය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 2861 කි, එය ජපානයේ සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් 60%කි.

එමෙන්ම ඉන්දියාවේ සමස්ථ ණය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 485 කි, එය ඉන්දියාවේ සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් 6%කි.

රාජපක්ෂ යුගයේ ඇ.ඩොලර් බිලියන 56 යි :

ශ්‍රී ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් 31 වෙනිදාට ( මහින්ද රාජපක්ෂ යුගයේ) ඇ.ඩොලර් බිලියන 56 කි.

එය සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් 71%කි එනම් රුපියල්වලින් බිලියන 7500 කි.

එහෙත් රනිල්-මෛත්‍රී ආණ්ඩුව පසුගිය වසර දෙක තුල පමණක් තවත් රුපියල් බිලියන 2200 කින් මෙම ණය ප්‍රමාණය වැඩිකර ගෙන ඇත.

ඒ අනුව වුවද අදටත් එම ණය මුදලේ වටිනාකම රුපියල් බිලියන 9700 ක් වන අතර එය ඇ.ඩොලර් බිලියන 63 දශම 8 කි.

මොනම රටක්වත් මෙහෙම ණය අරගෙන නැහැ :

එමෙන්ම කිසි කලක මොනම රටක්වත් ඇමරිකාව හැරුණු කොට මේ තරම් විශාල ඩොලර් බිලියන 15000 පහලොස් දහසක් ණය ලබා ගෙන නැත.

ඒ අනුව 1948 නිදහසන් පසු ශ්‍රීලංකාව වාර්ෂික දල දේශීය නිෂ්පාදනයට අනුව සමස්ථ ණය ගෙවිමට තිබු ප්‍රමාණයන් කෙටියෙන් මෙසේ දැක්විය හැකිය.

එහිදි වරක් එජාප සමයේ එනම් 1988 වසරේ වාර්ෂික දල දේශීය නිෂ්පාදනයට අනුව සමස්ථ ණය ගෙවිමට තිබු ප්‍රමාණයන් 105% දක්වා ඉහළ ගිය අතර නැවත චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සමයේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති සමයේ එනම් 2002 සිට 2005 දක්වා ද වාර්ෂික දල දේශීය නිෂ්පාදනයට අනුව සමස්ථ ණය ගෙවිමට තිබු ප්‍රමාණයන් 105% දක්වා ඉහළ ගිය බව මහා බැංකුවේ වගුවෙන් පැහැදිලි කර ගත හැකිය.”

 

 

Related posts

සිංහලයන්ට මඩ ගහන සාකච්ඡාවක් වොෂින්ටන යේදී; ශී‍්‍ර ලංකාවට තර්ජනයක් එල්ලවී ඇත්තේ අන්තවාදී සිංහලයන්ගෙන් බව කියයි!!

colombotoday

Video – “සිංහලේ” කියල මහ ලොකුවට කෑ ගහන උන් හෙට අනිද්දම දානව ඇතුලේ – හරීන්

colombotoday

ශ්‍රීලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දි ඉල්ලයි

colombotoday

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත දෛනික ආදායමක්

colombotoday

ඊ.ටී.එෆ් – ඊ.පී.එෆ් අරමුදල්වලින් 25%ක අධිභාර බද්දක් අය කිරීමට නීති සංශෝධනයක් කරයි

colombotoday

අරලියගහ මන්දිරයටයි ජනාධිපති මන්දිරයටයි කකුල තියන්න බලන් ඉන්නවා | සජිත් ප්‍රේමදාස කියයි

colombotoday