Colombo Today Local News

සමයංගේ තැනට ඌරුජුවා එයි.. කඩුවෙල නැවතත් භීතියෙන් !

පාතාල නායක ‘සමයං’ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණ නමැති පාතාල නායකයා ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ කල්ලියේ තවත් අපරාධකරුවකු වන ඌරුජුවා නමැත්තා කඩුවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට තර්ජනය කරමින් කප්පම් මුදල් එකතු කිරීමට පටන් ගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

ඌරුජුවා නමැත්තා මේ වන විට බන්ධනාගාරගතව සිටින අතර ඔහු කඩුවෙල, නවගමුව, බෝමිරිය, රණාල ප්‍රදේශවල සිටින ධනවත් පුද්ගලයන්ට දුරකථන මාර්ගයෙන් කතා කර මෙතෙක්‌ කලක්‌ සමයාට ලබාදුන් කප්පම් මුදල් ඒ අයුරින්ම තමාට ලබාදෙන ලෙස කියමින් තර්ජනය කර ඇති බව වාර්තා වේ.

මෙම තර්ජනය කිරීම් පිළිබඳව ව්‍යාපාරිකයන් කිහිප දෙනකු නවගමුව පොලිසියට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී නවගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මංජුල සිල්වා මහතා කියා සිටියේ දුරකථන මාර්ගයෙන් කෙරෙන තර්ජනය කිරීම්වලට බිය නොවී එවැනි තර්ජනය කිරීම් පිළිබඳව තමාට දන්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ඝාතනයට ලක්‌වූ පාතාල නායක සමයං කඩුවෙල හා ඒ අවට ප්‍රදේශවල ව්‍යාපාරිකයන් රැසකගෙන් මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගත් බවද අනාවරණය වී ඇත.

Related posts

පැය 24ක පොලිස් විශේෂ මෙහෙයුම්වලදී 2,121ක් අත්අඩංගුවේ

Admin

QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීමේ දෙවන කෝටාව ඇරඹෙයි

colombotoday

හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි

colombotoday

කොවිඩ් ආසාධිත තරුණියන් සම්භාහන මධ්‍යස්ථානවලින් හමුවේ. | සෞඛ්‍ය අංශ ආගිය අයගේ තොරතුරු සොයයි.

colombotoday

හෙරොයින් කිලෝ 15කට අධික ප්‍රමාණයක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට

colombotoday

බිස්කට් පැකට්ටුවක් දී පනින්න හැදූ කුඩු ජාවාරම්කරුට වැඩ වරදී

colombotoday