Colombo Today Local News

ගුවන් තොටෙන් මත්පැන් තොගයක් පන්නන්න ගිය රේගුවේ දෙදෙනක් කොටු

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් නීති විරෝධී ලෙස විදෙස් මත්පැන් බෝතල් 40 ක් පිටකිරීමට උත්සහ කළ රේගු සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව රේගු ආරංචි මාර්ග පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගු දෙපාර්තමේන්තුවට තාවකාලිකව අනුයුක්ත කර සිටි කාර්යාල කාර්ය සහායකයන් දෙදෙනෙකු බවද රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ නියෝගය පරිදි මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (5)දින සිට වැඩ තහනමට ලක් කර ඇති බවද රේගු ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගත් විදේශ මත්පැන් තොගයේ වටිනාකම ලක්ෂ 4 ට අධික බවද රේගු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් සහ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

colombotoday

සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමේ සූදානමක්… ඇමරිකානු සමාගමකින් ආණ්ඩුවට ධවල පත්‍රිකාවක්…

colombotoday

වසවිස නැති සහලින් ජන 1 දා කිරිබත් කමු ! – ජනපති කාර්යාලයෙන් ජනතාවට පණිවිඩයක්

colombotoday

වැල්ලවත්ත වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin

ජනපති නවත්වන්න අපට බලයක් නෑ. අපි නැවැත්තුවේ නෑ. – ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

colombotoday