Colombo Today Local News

අංගසම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීමට දඹුලු විහාරයෙන් ඉඩමක්

දඹුල්ල නගරයට අංගසම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීම සඳහා ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථානය සතු අක්කර 5 ක භූමි ප්‍රමාණයක් රජයට බාරදීම සිදු කෙරිණි.

ඒ අනුව ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථානයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව රාහුල නාහිමියන් විසින් දඹුල්ල රජ මහා විහාරස්ථානය පිටුපස අක්කර 05ක බිම් කොටස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත පෙන්වා දීම සිදුකරන ලදී.

දඹුල්ල නගරයේ මධ්‍යයේ පිහිටා ඇති රෝහලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා අසීරුතාවයකට පත්ව සිටි අවස්ථාවක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලීමක් පරිදි දඹුලු රජමහ විහාරස්ථානය සතු මෙම වටිනා ඉඩම රෝහල සඳහා පරිත්‍යාග කිරීමට තමා තීරණය කළ බව ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානය ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව රාහුල හිමියෝ පවසති.

අමාත්‍යවරයා මුලින්ම නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සමග දඹුලු විහාරය ආසන්නයේම පිහිටි මෙම භූමිය නිරීක්ෂණය සඳහා පිටව ගිය අතර අග්‍රාමාත්‍යවරයා සමග සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා මහත්මිය සමඟ සාකච්ඡා කර ජාතික රෝහලක් මෙම ස්ථානයේ ඉදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය.

දැනට දඹුල්ල රෝහල පිහිටි මධ්‍ය භූමිය ඉදිරියේදී යම් කිසි වාණිජමය කටයුත්තකට හෝ වෙනත් කටයුත්තකට අවස්ථාව අනුව ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

පාක්ෂිකයාට සැලකු රවී කරුණානායක බැඳුම්කර බිල්ලට ගැනීමේ කට්ටඩියා තිලක් මාරපනයි – මෛත්‍රී ගුණරත්න

colombotoday

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

ජවිපෙ නායක අනුර දිසානයකගේ පුතුට රාවතාවත්ත පල්ලියේදී මංගල සීනු හැඩවෙයි (Photo)

colombotoday

රන්ජන්ගේ අඩුවට අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

colombotoday

ත්‍රීමලේ තෝපූර් පුරාවිද්‍යා බිම මුස්ලිම් උරුමයක්ලු.. මායිම් කණු ගලවා විසිකර, නිලධාරීන්ට තර්ජණය කර පන්නා දමයි

colombotoday

වල් ඌරෙකුයි සිතා කළ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday