Colombo Today Local News

රන්ජන්ගේ අඩුවට අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් ඇති වූ පුරප්පාඩුවට පත් කෙරුණු අජිත් මාන්නප්පෙරුම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09)දින සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 05 අනුව එහි මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ දී මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමඟ ඇති වූ පුරප්පාඩූව සඳහා මාන්නප්පෙරුම මහතා පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මානප්පෙරුම මහතාගේ නම සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (8)දින නිකුත් කෙරුණි.

Related posts

ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට…

colombotoday

“සහල් හිගයක් එනවා.. කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කෑමට පුරුදු වෙන්න“ – රජය ජනතාවට කියයි

colombotoday

සන්නිවේදන ජාලාවලට බාධා කරන ජෑමර් යන්ත්‍ර 8ක් සමග මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

අංගොඩ පොලිස් වෙඩි තැබීමක්

colombotoday

වැලි ජාවාරම වටලන්න ගිය කොස්තාපල්වරයා ටිපර් රථයට යටකර මරාදමලා

colombotoday

වස විස පිරි රට කිරිපිටිවලට එරෙහිව ජනපතිත් අවි ඔසවයි….

colombotoday