Colombo Today Local News

ජවිපෙ නායක අනුර දිසානයකගේ පුතුට රාවතාවත්ත පල්ලියේදී මංගල සීනු හැඩවෙයි (Photo)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුතු වන කසුන් දිසානායක මහතා ඊයේ ගුවන් සේවිකාවක වන ලීසා මෙන්ඩිස් මෙනවිය සමග රාවතාවත්ත ශුද්ධ වූ එම්මානුවෙන් ඇන්ග්ලිකන් පල්ලියේදී විවාහ දිවියට ඇතුලත්ව ඇත.

මාලඹේ SLITT හි උපාධිධාරියෙකු වන කසුන් දිසානායක මහතා මිහින් ලංකා ගුවන් සේවයේ කලක් සේවය කළ අතර වත්මන් රජය පැමිණීමත් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වී ඇත.

විවාහ මංගල්‍යය රාවතාවත්ත පල්ලියේ පැවැත්වීමෙන් අනතුරුව එම මංගල සාදය ඊයේ සවස තොටුපල හෝටලයේ පවත්වා තිබේ. මෙම උත්සවය සදහා ජවිපෙ වෙනුවෙන් පැමිණ ඇත්තේ විජිත හේරත් මහතා පමණක් යැයි පැවසෙන අතර, වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව පැවති මෙම මංගල උත්සවයට සහභාගී වී ඇත්තේ දෙපාර්ශවයේ ඥාතීන් පමණකි.

ජවිපෙ නායකයාගේ පුත්‍රයාගේ විවාහ මංගල ඡායාරූප හුවමාරු කරමින් සමාජ ජාලා ඔස්සේ විවිධ අදහස් ඵලකර තිබෙන අතර, ජාතික නිදහස් පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක කැලුම් ජයසුමන මහතා තබා ඇත්තේ මෙවැනි සටහනක්

Related posts

පිළියන්දල අධ්‍යාපන කාර්යාලයේ ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ! ජනවාරි වැඩිකළ වැටුපත් කපයි… ගුරුවරුන් දැඩි අසීරුවේ….

colombotoday

ඉම්රාන් ඛාන්ගේ ගමන වීඩියෝ කරලා.. කාර්මික නිලධාරියාට අත්වූ ඉරණම.

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

colombotoday

දුම්රිය හරස් මාර්ගයක නඩත්තුවක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට සීමා

colombotoday

මහ මගදී හදවත් රෝගයක් වැළඳුණු අයෙකුගෙන් මුදල් කොල්ලකා පලාගිහින්

colombotoday

ශ්‍රී ලංකාව යුද්ධය ජයගත්තේ කෙසේද: නොසලකා හැරි ජයග්‍රහණයකින් උගත හැකි උපායමාර්ග – ආචාර්ය පීටර් ලේටන්

colombotoday