Colombo Today Local News

පිළියන්දල අධ්‍යාපන කාර්යාලයේ ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ! ජනවාරි වැඩිකළ වැටුපත් කපයි… ගුරුවරුන් දැඩි අසීරුවේ….

පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලයේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් එම කලාපයට අයත් පාසල්වල ගුරුවරුන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

ගුරුවරුන්ට අවශ්‍ය කිසිදු රාජකාරියක් නිසි වේලාවට කලාප කාර්යාලයෙන් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ යැයි ගුරුවරුන් ගුරුවරු පැමිණිලි කරන බව ගුරු සංගම් කියා සිටී.

ජනවාරි මාසේ වැඩි කරන ලද වැටුප් මේ වනතුරු ගුරුවරුන් ගේ වැටුපට එකතු කර නැති අතර එය පෙබරවාරි මාසයේ ද ලබාදිය නොහැකි බවත් හැකි වුණොත් මාර්තු මාසෙදි ලබාදෙන බව කලාප කාර්යාල නිලධාරීන් පැවැසූ බවත් ගුරුවරුන් පවසයි.

සෘජුව මෙය පවතින රජය අපහසුතාවයට ලක් කිරීම සඳහා නිලධාරීන් සිතාමතා ක්‍රියා කරන බව ද ගුරුවරුන් චෝදනා කරයි.

Related posts

ඉන්දීය කජු නිසා දේශීය කජු ව්‍යාපාරය අනතුරේ… දේශීය නිශ්පාදකයෝ මහ පාරට වැටෙති…

colombotoday

රට ගොඩ නැගිය හැකි නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට යවන්න- විමල්

colombotoday

හිටපු ජනපති නන්දසේන ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක්

colombotoday

පෑලියගොඩ, කළු පාලම අසල නාදුනන මළ සිරුරක්

Admin

ලංවීම සේවකයින් අදත් කොළඹ විරෝධ‍යේ

Admin

පරාජිත මන්ත‍්‍රීන්ගේ ආරක්‍ෂකයන් ඉවතට.. හිටපු අගමැතිගේ ආරක්‍ෂකයන් ගැන තවම තීරණයක් නෑ..

colombotoday