Colombo Today Sports News

දික්වැල්ල වෙනුවෙන් අගමැති පෙරට.. තරග තහනමට අභියාචනයක් යවන්නැයි උපදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අයිසීසීය මගින් පැනවූ තරග තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට උපදෙස් දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් දික්වැල්ලගේ තරග තහනම සම්බන්ධ යම්කිසි සහනයක් ලබාගැනීමට නියමිතය.

දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලියේ දී දකුණු අප්‍රිකා ක්‍රීඩක රබාඩා සමග ඇති කරගත් ගැටුම හා පසුගියදා පැවැති ඕස්ට්‍රේලියාව සමග දෙවැනි විස්සයි විස්ස තරගයේ දී දික්වැල්ලට ලැබුණු විනිසුරු තීරණයට අකමැත්ත පළ කිරීම යන කරුණු හේතුවෙන් මෙම තරග තහනම පැනවීමට අයිසීසීය ක්‍රියා කර තිබිණි.

Related posts

ජිමී ඇන්ඩර්සන් නව කඩඉමක් ආසන්නයට

colombotoday

ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරගවලින් සමුගනී.

colombotoday

ඩිල්රුවන් – අජන්ත – පරණවිතාන නව ක්‍රිකට් තේරීම් කමිටුවට

Admin

(VIDEO) ඔලිම්පික් ගිනි සිළුව ලොව වටා ගමන අරඹයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය උපුල් තරංගට

colombotoday

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

colombotoday