Colombo Today Sports News

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුළු 8කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායමේ නායක ඉයන් මෝගන් පළමුව පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට කළ ආරාධනය පිළිගත් ලක් පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 241ක් රැස්කර ගැනීම ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ධනංජය සිල්වා පන්දු 91කදී ලකුණු 91ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 13ක් ද ඇතුළත් වේ.

ධංජනයට අමතරව දසුන් ශානක ලකුණු 47ක් රැස්කර ගත්තේ එක් හයේ පහරක් සහ හතරේ පහර දෙකක් ද සමගිනි.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ‌සෑම් කුරන් කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 43කදී කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 244ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය.

නායක ඉයන් මෝගන් නොදැවී ලකුණු 75ක් සහ ජෝයි රූට් නොදැවී ලකුණු 68ක් ලබාගැනීමට සමත්වූහ.

ඊට අමතරව ජේසන් රෝයි ලකුණු 60ක් ලබාගැනීමට සමත් විය.

තරගයේ වීරයා බවට කඩුළු 5ක් දවාගත් සෑම් කුරන් පත්විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

Related posts

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට සළකන්නේ හමේ පාටටයි – මුරලිගෙන් තිලංගට දුස්රාවක් !

colombotoday

කළමනාකාරිත්වය විවේචනය කරමින් මොහොමඩ් අමීර් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

colombotoday

ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය නිදහස් කුසලාන 2020 අවසන් මහා තරගයට…

colombotoday

 විශිෂ්ට ජයක් සමඟ එංගලන්තය අවසන් මහා තරඟයට

Admin

ආසියානු කුසලානයේ ටිකට් පත් මිල අඩු කෙරේ!

colombotoday