Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යස්ථාව ගොඩ දාන්න චන්ද්‍රිකාගෙන් නැවතත් සුදු නෙළුම් !

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට වඩා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වාදීම පිළිබදව ආණ්ඩුව ප්‍රමුඛස්ථානය දෙන බව හිටපු ජනධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග පවසයි.

මේ මොහොතේ යුද අපරාධ පිළිබදව පරීක්ෂණ ආරම්භ කළහොත් එය නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කාර්යයට පැහැදිළිවම බාධාවක් ඇතිවන බව ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍යවේදීන් පිරිසක් සමග අදහස් දක්වමිනි.

“යුද අපරාධවලට වගකිවයුතු අයත් සොයාගන්න ඕනේ. ඒත් ඒක මේ මොහොතේ ප්‍රමුඛතාවය නෙවෙයි. අනික තමයි, යුද අපරාධ පරීක්ෂණ දැන් ආරම්භ කළොත් පැහැදිලිවම අලුත් ව්‍යවස්ථාවක් නෑ කියල මට සහතිකයි,” යැයිද ඇය කියා සිටියාය.

පවතින වාතාවරණය යටතේ නව ව්‍යවස්ථාව සදහා පවත්වන ජනමත විචාරණය ජයගත හැකිද යන්න ගැටළුවක් පවතින බවත්, ඒ සදහා තම රජය යටතේ ක්‍රියාත්මක කළ ‘සදු නෙළුම්‘ වැනි ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කළ යුතු බවද අවධාරණය කළ හිටපු ජනපතිනිය, තව සති කිහිපයකින් එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද පැවසුවාය.

මගේ පාලනය කාලේ සංවිධානාත්මක අන්තවාදී කණ්ඩායම් තිබුණේ නෑ. ජාතික හෙළ උරුමය, බොදු බල සේනා, හිටපු ජනාධිපතිවරයෙක් නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය මේ සේරම ලඟදි මතුවුනේ. ඒක පැහැදිලිවම ලොකු අභියෝගයක්.” යැයිද ඇය කියා සිටියාය.

Related posts

සමාජ ජාල තහනම අරක්කු බොන නිසා වීදුරු කැඩුව වගේ වැඩක් !

colombotoday

එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කරති

colombotoday

වසර තුනට පුරාවස්තු 777ක් අතුරුදන්

Admin

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට නිලධාරීන් පත් කෙරේ

colombotoday

ඇල්පිටිය ප්‍රා. සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක්

Admin

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරයි

Admin