Colombo Today Local News

ඉතිහාසයේ මුල්වරට ගාල්ලේ හර්තාල්.. කඩසාප්පු වසා ව්‍යාපාරිකයෝ විරෝධයේ !

වැට් බදු සංශෝධනයට එරෙහිව ගාල්ලේ ව්‍යාපාරිකයන් පිරිසක් අද (16) පෙරවරුවේ කඩසාප්පු වසා විරෝධතාවක නිරත විය.

මෙම විරෝධතාවය සඳහා ගාල්ල ව්‍යාපාරිකයින් 2000 ක පමණ පිරිසක් එක් ව සිටි අතර ඔවුන් ගාල්ල නගරය හරහා ප්‍රධාන බස් නැවතුම් පොළ වෙත පැමිණ විරෝධතාවය දක්වා ඇත.

ඔවුන් පවසන්නේ මෙම බදු සංශෝධන හරහා පාරිභෝගිකයින්ට මෙන්ම ව්‍යාපාරිකයින්ටද දැඩි අසාධාරණයක් සිදු කර ඇති බවයි.

මෙම ස්ථානයට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද පැමිණ ඇති අතර විරෝධතාකරුවන් අමාත්‍යවරයාට පවසා සිටියේ අසාධාරණ වැට් බදු සංශෝධනය වහා ඉවත් කරන ලෙසයි.

අදාළ ගැටලු සහගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වෙන බව අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

Related posts

ලොරි රථයක ගැටී රුසියානු කාන්තාවක් මරුට

colombotoday

සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරය තුල ඥානසාර හිමිගේ ජීවිතය අනතුරක

colombotoday

මෙරටින් ගුවන්යානා තෙල් නොලැබීම නිසා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ ගමන් මලු දමා එයි

colombotoday

සිව් හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

Admin

තලතා කෝට්ටේ සංඝ සභාවට විනය උගන්වන්න යයි.. අඹ කෝ ඇහුවම දෙල් පෙන්නයි

colombotoday