Colombo Today Local News

මෙරටින් ගුවන්යානා තෙල් නොලැබීම නිසා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ ගමන් මලු දමා එයි

ජාත්‍යන්තර ගුවන් සේවාවලට අයත් මෙරටට පැමිණෙන යානාවලට මෙරටින් ගුවන්යානා තෙල් නොලැබීම නිසා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ ගමන් මලු එම රටවල දමා එන සැලසුමක් අනාවරණය වී ඇත. මැද පෙරදිග රටවලින් මෙරටට එන යානාවලින් මෙය සැලසුම් සහගතව කරන බව හෙළිවී තිබේ.

එම ගුවන්යානාවලට යළි තම රටට පියාසර කිරීමට අවශ්‍ය ඉන්ධනත් දැනට ඇති තත්ත්වය හමුවේ රැගෙන ඒමට සිදුව ඇති නිසා මෙසේ ගමන් මලු ප්‍රවාහනය සීමා කිරීම මීට හේතුව වී ඇත.

ඉන්ධන ටැංකිවල බර අඩු කරගෙන විත් භාණ්ඩ බෑමෙන් පසු කටුනායකින් ඉන්ධන ලබාගත හැකි වුවද මේ වනවිට යාමට හා ඒමට අවශ්‍ය ඉන්ධන ටැංකි පුරවාගෙන ඒමට සිදුව ඇත. මේ නිසා අත්වැරදීමකින් ගුවන් තොටුපොළේ දමා ආ අයුරින් දිනපතා සෑම ගුවන්යානයක්ම මගී ගමන් මලු දමා එන බව අනාවරණය වී තිබේ.

ඉන්පසු සතියකට එක් වරක් පමණක් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී එම ගමන් මලු මෙරටට රැගෙන ඒමට ගුවන් සමාගම් හුරු වී ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි. පසුගිය සතියට පමණක් එවැනි ගුවන් මලු දහසකට වැඩි ගණනක් ගුවන්යානා විසින් ඒ ඒ රටවල දමා ආ බවට අනාවරණය වී තිබිණි.

-අරුණ-

Related posts

රුපියල් 10,000 මුදල් නෝට්ටුවක් මුද්‍රණයට ? ඇත්ත නැත්ත මෙන්න

colombotoday

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කරදෙන්නැයි ඉල්ලා සන්දේශයක් භාර දෙයි

Admin

අනියම් බිරිඳ සමග බහින්බස් වූ 71 පෙම්වතා ගිනි තබා ගනී

colombotoday

හකීම් මොහොමඩ් තිල්ශාඩ් ගේ මෘත ශරීරය යළි පී.සී.ආර් කරන්නැයි ඉල්ලා පියා ගොනුකළ පෙත්සම වීසිකරයි.

colombotoday

නව මතවාදයක් සමග අළුත් පක්ෂයක් හදමු… ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් මහින්ද හමුවී ඉල්ලති

colombotoday

දුම්රියේත් යහපාලනය තිතටම.. ඇබෑර්තු ඇත.. තනතුරු ඇමති හෙංචයියන්ට පමණයි !

colombotoday