Colombo Today Local NewsWorld

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමග ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට !!

ශ්‍රී ලන්කන් ගුවන් කාර්ය මණ්ඩලය සමගින් කල්බදු ක්‍රමය යටතේ පාකිස්ථාන ගුවන්සේවයට ලබාදුන් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ඊයේ පස්වරුවේ එංගලන්ත රාජකීය ගුවන් හමුදාවේ ආරක්ෂාව යටතට ගෙන තිබේ.

PK – 757 ගුවන් පියාසර අංකය යටතේ පාකිස්ථානු ප්‍රිමියර් සේවය සඳහා යොදාගැණුනු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් එයාර් බස් ඒ 330 යානය මෙම සිදුවීමට මුහුණපා තිබුණේ ලාහෝර් සිට එංගලන්තයේ හීතෘ ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබියදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාල ගුවන් යානය එරට ආරක්ෂාවට තර්ජනයක් බවට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමක් හේතුවෙන් එංගලන්ත ගුවන් සීමාවේදී එරට රාජකීය ප්‍රහාරක ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා 2 ක් යානය ලුහුබැඳ ඇති බවත් පසුව එංගලන්ත රාජකීය ගුවන් හමුදාව යටතට ගෙන ඇති බවද එම විදෙස් වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් කාර්ය මණ්ඩලය සමගින් මගීන් 150 ක පමණ ඒවන විට යානය තුළ සිට ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

හමුදා ආරක්ෂාව යටතේ එරට වේලාවෙන් පස්වරු 3 ට පමණ පාකිස්ථානු ගුවන් යානය එංගලන්තයේ ස්ටෑම් ස්ටේට් ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩබෑමකට ලක්කර තිබේ.

එම අවස්ථාවේ ගුවන් යානයේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත්කළ බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ එහිදී කලහකාරි ලෙස හැසිරුණු 52 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම යානය පැහැර ගැනීමට සැලසුමක් නොතිබූ බව එරට පොලීසිය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව වාර්තා වේ.

Related posts

සම්පායෝ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට අභියාචනාධිකරණයෙන් නියෝග

colombotoday

ස්විස් තානාපති නිවසේදී කටඋත්තර ගන්නයැයි උපුල් කුමාරප්පෙරුම සිදුකල ඉල්ලීම ඉවතට.

colombotoday

මැතිවරණ දිනය අභියෝගයට ලක් කර ගොනු කළ පෙත්සම් සලකා බැලීම අද 6 වන දිනටත් සිදු කෙරේ

colombotoday

“දිනුවත් පැරදුණත්, කොල්ලෝ ක්‍රීඩා කරනව බැලීම ආඩම්බරයක්” – ජනපති ක්‍රිකට් පිලට සුබ පතයි

colombotoday

සේවක හිඟයෙන් අදත් දුම්රිය ගමන් වාර 10ක් අවලංගු‍යි

Admin

පළාත් සභා බලය ඉල්ලා කෑ ගහන අය බලය තිබිලත් වැඩ කරන්නෑ.. වැඩකටම නැති මහ ඇමති විග්නේෂ්වරන්

colombotoday