Colombo Today Local News

සියළුම දෙමළ මන්ත්‍රීවරු එක්වෙයි… “දෙමළ මන්ත්‍රී සංසදය“ හදයි !!

දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය වන දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් ඉදිරියේදී පිහිටුවා ගැනීමට නියමිත බව රාජ්‍ය භාෂා හා ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය

දකුණේ දේශපාලන පාර්ශවයන් හා සාකච්ඡා කිරීමකින් තොරව දෙමළ ජනතාවගේ අර්බුදවලට විසදුම් ගෙන ඒමක් සිදුකළ නොහැකි බව මේ සදහා තමන් විසින් දෙමළ ජාතික සන්ධානය ඊ.පී.ඩී.පී සංවිධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දෙමළ දේශපාලන පක්ෂ වෙත විවෘත ඇරයුමක් සිදුකර තිබෙන බවත් මනෝ ගනේෂන් මහතා සදහන් කළේය.

දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් පිහිටුවා ගැනීමෙන් අනතුරුව එම සංසදය විසින් එක්සත් ජාතික පක්ෂය ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික පක්ෂ ආගමික සංවිධාන සමගින් මෙන්ම මහානායක හිමිවරුන් ඇතුළු සියළුම ආගමික නායකයින් හා විවෘත සංවාදයකට අවතීර්ණ වී දෙමළ ජනතාවගේ ගැටළුවලට ස්ථීර විසදුම් ගෙන ඒම මෙහි බලාපොරොත්තුව වන බවද මනෝ ගනේෂන් මහතා තවදුරටත් කියා සිටියේය.

Related posts

ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකාරවයෙක් කරයි

Admin

නව අමාත්‍යවරුන්ට භාර විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

colombotoday

අධ්‍යාපන සමූපකාර සේවකයින්ගේ වර්ජනය දැඩිවෙයි

colombotoday

“සජිත්ට එජාප නායකත්වය නොදුන්නොත් සිරිකොත වටලනවා.” – පා.ම දිලිප් වෙදආරච්චි

colombotoday

ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලූ නඩුව බහා තැබේ

Admin

අයිස් හා ගංජා බෙදා හරින අයියා මලෝ මාට්ටු

colombotoday