Colombo Today Local News

ව්‍යාපාරික හිතවතාට බදු සහන දෙන්න රවී ගෙනා යෝජනාවට කැබිනට් විරෝධය !!

වාහන කොටස්‌ මෙරටට ගෙන්වා දේශීය වශයෙන් වාහන එකලස්‌ කිරීම සඳහා බදු සහන ලබාගැනීමට අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත්ව ඇති යෝජනාවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ලේකම් සහ ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා විරෝධය පළකර ඇත.

අදාළ ආයතනයට පමණක්‌ මෙවැනි බදු සහනයක්‌ ඉදිරිපත් කිරීමට එරෙහි වී ඇති අමරවීර මහතා විසින් එම බදු සහනය අවලංගු කිරීම සඳහා ඉදිරියේදී අමාත්‍ය මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට ද නියමිතය.

පසුගිය සතියේදී වෙහිකල්ස්‌ ලංකා පුද්ගලික සමාගමට භාවිත කළ වාහන කොටස්‌ එකලස්‌ කිරීම සඳහා සියයට 70 ක බදු සහනයක්‌ ලබාදීමට යෝජනා කරමින් අමාත්‍ය මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබිණි.

එක්‌ තෝරාගත් තනි සමාගමකට පමණක්‌ මෙවැනි විශාල බදු සහනයක්‌ ලබාදීමට ඇමැති අමරවීර මහතා විරෝධය පළකර ඇති අතර එම සමාගම දැනටමත් රේගු නීතිරීති උල්ලංඝනය කර ඇති බව ද පෙන්වා දී තිබේ.

පසුගිය රජය සමයේ ද අදාළ සමාගමට එරෙහි පරීක්‍ෂණ සඳහා නොයෙකුත් දේශපාලන බලපෑම් එල්ල වී තිබූ බව ද ඇමැති අමරවීර මහතා කීවේය.

උපරිම වශයෙන් වාහන 2250 කට අදාළව තුන් අවුරුදු කාලසීමාවකට යටත්ව භාවිත කළ වාහන කොටස්‌ එකලස්‌ කිරීම සඳහා සියයට 70 ක බදු සහන ලබාදීමට එම කැබිනට්‌ පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ බව ද වාර්තා වේ.

(දිවයින)

Related posts

මීරිගම දේවස්‍ථානයකට ප්‍රහාරයක්

colombotoday

ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි. නව ආරක්ෂක ලේකම් මේජර් දයා රත්නායකද?

colombotoday

සියලු ජලාශ එකම ආයතනයක් යටතේ පාලනයට අවධානය

Admin

කොවිඩ් අරමුදලේ රු. කෝටි 180ක් අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට ලබාදෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

එක් අපේක්‍ෂකයකු තෝරා පත්කර ගන්න ජනතා මුදල් කෝටි 5 ක වියදමක්

colombotoday

සංශෝධිත මිලට වැඩිපුර මගීන්ගෙන් මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්..

colombotoday