Colombo Today Local News

කෝටි 66ක මුදල් අවභාවිතය සාක්ෂි සහිතවම හෙළිවෙයි.. අර්ජුන් තවමත් සැපෙන්.. සුවෙන් !!

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් රු. මිලියන 662 ක්‌ අයථා ලෙස පරිහරණය කර ඇති බව මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තා මගින් හෙළිදරව් වී ඇති බවද ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කර දඬුවම් පැමිණවීම අත්‍යවශ්‍ය බවද ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (6 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම එම අවභාවිත කළ මුදල් අර්ජුන මහේන්ද්‍රන්ගෙන් අයකර ගත යුතු බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

බැඳුම්කර මගඩියට අමතරව අර්ජුන මහේන්ද්‍රන් විසින් සිදුකර ඇති මේ රුපියල් මිලියන 662 කට අධික මුදල් කොල්ලය ගැන තොරතුරු හෙළිදරව් වන මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාව තමා ජනාධිපතිවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ බවද හෙතෙම කීවේය.

එම මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාව අධ්‍යයනය කර මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු පාර්ශවයන් අත්අඩංගුවට ගෙන නඩු පවරා දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු කරන ලෙස තමා එම විගණන වාර්තාවත් සමග වෙනම ලිපියක්‌ද යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.

2015 පෙබරවාරි 01 දින සිට 2016 ජුලි 10 දින දක්‌වා හිටපු මහ බැංකු අධිපතිවරයාගේ විදේශ ගමන් සහ අනෙකුත් වියදම් පිළිබඳව මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විගණනය මගින් මේ මුදල් අවභාවිත කිරීම හෙළිදරව් වී ඇති බවද අවස්‌ථා 163 කදී කරන ලද වැරදි තුළින් මේ පාඩුව මහ බැංකුවට සිදුව ඇති බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.

මහබැංකු අභ්‍යන්තර විගණන වාර්තාව පහතින්

Related posts

තැපැල් ඡන්ද විමසීම සාමකාමී – මැතිවරණ කොමිසම

colombotoday

ඇමැති ධුරවලින් පැන්නු විමල්-උදය මැතිසබයේ නෑ

colombotoday

“එදා වෙඩි ප්‍රහාර වෙනුවට අද ජල ප්‍රහාර.. ඒකයි වෙනස, සමහරුන්ට ඉරිසියයි“ – ඇමති රංගේ

colombotoday

ඥාණසාර හිමි ගැන හෝඩුවාවක් ලැබෙයි.. භික්ෂූන් වහන්සේ දෙනමක් පිටුපස පොලීසිය පන්නයි

colombotoday

2018 රජයේ සමස්ථ වියදම බිලියන 3982 යි.. අපේක්ෂිත ආදායම බිලියන 2175 යි

colombotoday

ජනපදකරණයට බදියුදීන්ට වරයක්… පරණ ඇමතිකමට අමතරව මෙවර ලැබුණු අලුත් උසස්වීම් මෙන්න…

colombotoday