Colombo Today Local News

දකුණු පළාතේ සිසුන් 200ට අඩු පාසල් ලබන 15 විවෘත කරයි

දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ලබන මස (ඔක්තෝබර්) 15 වැනි දින සිට ආරම්භ කිරිමට සැලසුම් කොට ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

දකුණු පළාත තුල ළමුන් 200ට අඩුවෙන් සිටින පාසල් 514ක් තිබෙන අතර මේ දිනවල මෙකි පාසල්වල කොවිඩි මර්ධන කමිටු සක‍්‍රිය කිරිමට කටයුතු කරමින් සිටින බවද පවසයි.

එම කටයුතු ලබන මස 06 වැනිදින දක්වා සිදුකරණ අතර 06 වැනිදින සිට 15 වැනි දින දක්වා කාලය තුල පාසල් පිරිසිදු කිරිමේ කටයුතු සිදුකරණ බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.

පාසල් පිරිසිදු කිරිම සදහා අදාල බල ප‍්‍රදේශවල පළාත් පාලන ආයතන එකගවි ඇති බවත් සනිපාරක්ෂක ද්‍රව්‍ය පළාත් අමාත්‍යංශය මගින් ලබාදෙන බවද ඒ මහතා පවසයි.

Related posts

අක්‍රිය වී ඇති බලාගාර පවත්වාගෙන යෑමට ඩීසල් දෙන්න CPC එකඟ වෙයි

colombotoday

එජාපය දිනූ, ඇමති හරීන්ගේ බදුල්ල බලකොටුවේ බලයත් පොහොට්ටුවට

colombotoday

යුද හමුදාව PCR පරීක්‍ෂණ සිදු කිරීමට සූදානම්

colombotoday

පෙරටුගාමීන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලයි.. ආණ්ඩුව ඔවුන් නහවා යවයි

colombotoday

මොරගොල්ල වෙඩි තැබීමක් – අයෙක් මරුට

colombotoday

එන්නතේ පළමු මාත්‍රාව ගත්තත් කොවිඩ් වැළඳිය හැකියි..

colombotoday