Colombo Today Local News

යුද හමුදාව PCR පරීක්‍ෂණ සිදු කිරීමට සූදානම්

ඉදිරි මාසය ඇතුලත දී ශ්‍රී ලංකා යුද හමුදාව පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට සූදානම් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශ්වාසය පළ කර සිටියි.

මේ වෙනුවෙන් පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍රයක්, ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාර දී ඇති බවත් තවත් යන්ත්‍රයක් ඉදිරි කාලයේ දී පෞද්ගලික ආයතනයක් විසින් ලබා දීමට පොරොන්දු වී ඇතැයි ද හමුදාපතිවරයා පැවසීය.

ඒ අනුව ඉදිරියේ දී ත්‍රිවිධ හමුදාවම මෙම කටයුත්තට එක්ව වැඩි පීසීආර් පරීක්‍ෂණ සංඛ්‍යාවක් සිදු කිරීමට අපේක්‍ෂිතය.

එසේම විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනයවන විට අවිධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවට එල්ලවන චෝදනාව යුද හමුදාපතිවරයා මුළුමණින්ම ප්‍රතික්ෂේප කළේය.

ඔහු කියා සිටියේ පසුගිය කාලයේ යම් ප්‍රමාදයක් පීසීආර් වාර්තාවල සිදු වූයේ මෙරට ප්‍රධානම යන්ත්‍රයක සිදු වූ බිද වැටීම බවත්, මේවන විට විදෙස් විශේෂඥයින් පැමිණ එය නිවැරදි කර ඇති බවත්ය.

එසේම මැදපෙරදිග ඩුබායි රාජ්‍යයේ උද්‍යානයක මේවන විට සිටින ශ්‍රී ලාංකිකයින් 150දෙනෙකු කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට ජනාධිපතිතුමා, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් විදේශ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

දුරකතන ආරවුලකට තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කරයි

Admin

වතු නිවාස පෙළක ගින්නක්

colombotoday

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි..

colombotoday

නීතිවිරෝධීව මෙරටට ආනයනය කල කෝටි 15ක භාණ්ඩ තොගයක් රේගුව භාරයට

Admin

වැසිකිළි යන ගැහැණුන් දෙස හොරෙන් බැලූ කෑගැල්ලේ මුස්ලිම් අයෙක් පහර දී මරා දමලා

colombotoday

නාමල් ගෙන්වා ප්‍රශ්න කරන්න.. ඕන නම් අත්අඩංගුවට ගන්න.. නීතිපති FCIDයට නිර්දේශ කරයි

colombotoday