Colombo Today Local News

නාමල් ගෙන්වා ප්‍රශ්න කරන්න.. ඕන නම් අත්අඩංගුවට ගන්න.. නීතිපති FCIDයට නිර්දේශ කරයි

namal rp

පසුගිය රජය යටතේ සිදු කෙරුණු දූෂිත ගල් අගුරු ටෙන්ඩරයකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාශයට (FCID) ‍තම අභිමතය පරිදි සිදු කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී තිබේ.

ඒ අනුව ඉදිරි දින කීපය තුලදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා, නොයෙල් සෙල්වනායගම්, රොහාන් ඊරියගොල්ල සහ සුජානි බෝගොල්ලාගම  මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවීමට නියමිතව පවතී.

කැබිනට් අනුමැතියට යටත්ව සිදුකල මෙම ටෙන්ඩර් ගනුදෙනුවට නාමල් රාජපක්ෂ මහතා මහතා සම්බන්ධ බවට ලිඛිත සාක්ෂි නැතත්, ඔහු මෙම ටෙන්ඩරය ලබාදීමට මැදිහත්වී කොමිස් මුදලක් ලබාගත් බවට චෝදානා එල්ලකර ඇත.

එහෙයින් ඔහුව කෙලින්ම අත්අඩංගුවට ගැනීම නිර්දේශ නොකර, ඔවුන්ගෙන් කට උත්තර ලබා ගත් පසු ඔවුන්ට එරෙහිව වරදක් අනාවරණය වන්නේ නම්, FCID නිලධාරීන්ගේ අභිමතය පරිදි ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා තම නිර්දේශයේ සඳහන් කොට ඇත.

Related posts

“ලක්ෂ 1500ක් ලැබුණු, අත්හිටවූ බැංකු ගිණුම” වැඩේ ගොඩින් විසඳගෙන. මොකුත් වෙලා නෑ ආණ්ඩුවෙන් ප්‍රකාශයක්?

colombotoday

තෙවරප්පෙරුම මහ රෑ මාරාන්තික උපවාසයක

colombotoday

හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලන් චප්ප කරන එක හොද නෑ

colombotoday

2015 ආණ්ඩු පෙරළියෙන් ජනතාව පැරදුණා.. ජවිපෙ කියයි

colombotoday

ජිනීවාහි දී අද්මිරාල් සරත් වීරසේකර අත්අඩංගුවට ගැනීමේ ඩයස්පොරා සැලසුම වැරදී ගිය හැටි

colombotoday

හිරගෙවල් දාහක දැම්මත් මේ ආණ්ඩුව ගෙදර යවන සටන නතර කරන්නේ නෑ

colombotoday