Colombo Today Local News

අක්‍රිය වී ඇති බලාගාර පවත්වාගෙන යෑමට ඩීසල් දෙන්න CPC එකඟ වෙයි

විදුලිබල මන්ඩලයේ අක්‍රිය වී ඇති බලාගාර පවත්වාගෙන යෑම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් දිනකට ලබාදීමට අද(14) දින සිට කටයුතු යොදා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කරයි.

නැවත එළඹෙන අඟහරුවාදා (18) දින පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව ඉදිරි කටයුතු සිදු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

ණය පදනම මත තවදුරටත් විදුලි බළ මණ්ඩලයට ඉන්ධන ලබාදීමට හැකියාවක් නොමැති බව ඛනිජ තෙල් සංස්ථාව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත පවතින තත්ත්වය අනුව මෙම හදිසි තීරණය ගෙන ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසයි.

බලාගාරවල ක්‍රියාකාරිත්වය සදහා ඉන්ධන නොලැබුණහොත් ඉදිරි කාලය තුළ තවදුරටත් විදුලිය කප්පාදු කිරිමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය මීට පෙර පැවසීය.

බලාගාර සදහා අවශ්‍ය දැවි තෙල් සහ ඩීසල් හිඟවීම, නොරච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම සහ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම පහළ යාම මත දෛනික විදුලි සැපයුම කප්පාදු කීරීමට සිදුව ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේය.

කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍ර වල ක්‍රියාකාරිත්වයට ද පසුගිය කාලය තුළ බාධා පැමිණ තිබේ.

එසේම විදුලිය කප්පාදු කිරීමට අදාළ කාලසටහනක් පසුගිය දා විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කර තිබුණි.

එහෙත් ඊයේ දිනයේ ඇතැම් ප්‍රදේශ වලට කාලසටහනෙන් බැහැරව බොහෝ කාලයක් විදුලිය විසන්ධිව පැවැති බව වාර්තා විය.

Related posts

බැඳුම්කර මගඩියෙන් සිදුවූ පාඩුව රු. ට්‍රිලියනයකට අධිකයි – ඇමති යාපා යළි තහවුරු කරයි

colombotoday

කඹ ඇදිල්ලක්: TNA,UNP අළුත්ම ව්‍යවස්ථාවක් ඉල්ලයි – ශ්‍රීලනිපය සංශෝධන පමණක් ඇති කියයි

colombotoday

අවසන් වසරේ වෛද්‍ය සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා සරසවි වෙත කැඳවයි

colombotoday

අක්‍රමිකතා ගැන අහන්න ආයතන තුනක ප්‍රධානීන් කෝප් කමිටුවට කැඳවයි

Admin

ජනමතයට හිස නමා ඉල්ලා අස්වෙන්න – ජනාධිපතිගෙන් ඉල්ලයි

colombotoday

නීරෝධායන නීති කඩමින් පුත්තලමේ 200ක් මගුල් කලා

colombotoday