Colombo Today Local News

සීගිරිය සිංහපාදය අසළ ගුටි කෙලියක්.. ආරක්ෂක නිලධාරියෙක් රෝහලේ

සීගිරිය සිංහපාදය අසළ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි පුරාවිද්‍යා ආරක්ෂක අංශයේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු සහ මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘතියේ නේවාසික කළමනාකාරවරයා අතර ඇතිවූ ගැටුමකින් ආරක්ෂක නිලධාරියකු රෝහල් ගත කර තිබේ.

එහිදී තමාට පහරදුන් බවට ආරක්ෂක නිලධාරීන් 3 දෙනෙක් සීගිරිය පොලීසියට පැමිණිළිකර ඇත.

මොවුන් සීගිරිය සිංහපාදය ඔස්සේ ඊයේ (28)දින අලුයම 4.00ට පමණ ඉහළට පිවිසීමට පැමිණිවිටයි ගැටුම ඇතිවී තිබෙන්නේ

එහිදී තුවාල ලැබූ එක් නිලධාරියෙක් සීගිරිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

අදාළ ආරක්ෂක නිලධාරීන් තිදෙනා තමන්ට පහරදුන් බවට ව්‍යාපෘතිය භාර නිලධාරීයා ද පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම ලැබී ඇති පැමිණිලි අනුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

Related posts

සජිත්-දෙරණ මහා යුද්ධයක්

Admin

ඇමති මංගල කාදිනල්තුමාට කල අපහාසය රජයේ මතයද? – මහින්ද විමසයි

colombotoday

පොල්වත්ත පවුලෙන් පොළොන්නරුව රණවිරුවෙකුට විද්‍යුත් ආරෝපිත යතුරු පැදියක් පරිත්‍යාග කෙරේ…

colombotoday

ඊළාම් උවමනාව දෙමළ ජනතාවගේද? ඇන්ග්ලිකන්, ඇමරිකන් මිෂනාරීන්ගේද ?

colombotoday

විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා..

colombotoday

අවතැන්වූවන්ට දෙන්න සතොසෙන් ඇති තරම් බඩු නොමිළේ.. ගාස්තුව පසුව රජයෙන් අයකරගන්නවාලු

colombotoday