Colombo Today Local News

අළුත්ගම ගිය ඥාණසාර හිමිට ප්‍රභූ ආරක්ෂාව !

අළුත්ගම, දර්ගා නගරයේ පතිරාජගොඩ විහාරස්ථානයේ පැවති තෙසැත්තෑඥාණ පූජාවට ඊයේ (21) වැඩම කළ බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් යොදවා තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව දැඩිකර තිබුණු අතර කැරළි මර්ධන ඒකකද කැදවා තිබිණි. ඥාණසාර හිමියන් ගමන් ගත් මාර්ගය දෙපස පොලිස් නිලධාරීන් රැකවල්ලා සිටිනු දක්නට ලැබුණු අතර, රථ පෙළට ඉදිරියෙන් පොලිස් පෙර ගමන් රථද යොදවා තිබිණි.

අළුත්ගම, දර්ගා ප්‍රදේශයට වැඩම නොකරන්නැයි පොලිසිය ඇතුළු විවිධ පුද්ගලයන් තමන් වහන්සේට දැනුම් දුන් බවත්, කිසිවෙකුගේ බලපෑම් ගණන් නොගන එම අවස්ථාවට සහභාගී වෙන බවත් ඊයේ පෙරවරුවේ මාධ්‍ය හමුවක් අමතමින් ඥාණසාර හිමියන් ප්‍රකාශ කර තිබිණි.

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1618813168138704/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Admin

ගිනිඅවි 8ක් සමග සැකකරුවන් හත්දෙනෙක් අත්අඩංගුවේ

colombotoday

දෙමළ සන්ධානයට කනේ පහරක්… හමුදා කදවුර ඉවත් කරනවාට එරෙහිව තිරුක්කෝවිල් වැසියෝ උද්ඝෝෂණයේ..

colombotoday

රු.1000 නොදෙන වතු හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර

colombotoday

ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා විපක්ෂයේ වුවමනාව මැතිවරණය කල් දමා ගැනීමයි

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් පනස් තුන් ලක්ෂය ඉක්මවයි

colombotoday