Colombo Today Local News

සෞඛ්‍ය ඇමැතිනී දැඩි සත්කාර ඒකකයට

කොවිඩ් ආසාදිතයකු වන සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (28)දින රාත්‍රියේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

ඇය ඊයේ රාත්‍රියේ අයි.ඩී.එච්. රෝහලට මාරු කළේ රත්මලාන ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ​ගැනීමෙන් පසු ඇය හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියාය. පසුව ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ඊයේ (28) පෙරවරුවේය. අනතුරුව මෙසේ අයි.ඩී.එච් රෝහලට මාරු කරන ලදී. කෙසේ වෙතත් ඇයගේ ස්වාමි පුරුෂයා හා දියණිය කොළඹ ජාතික රෝහලේදී දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇතත් ඔවුන්ට කොවිඩ් වැලඳී නැති බවද තහවුරු වී ඇත.

Related posts

රෝහල් 55 කට සුළු සේවා පාලක පත්වීම් 108 ක්

colombotoday

Video: ඇමති මංගල විකාශය තහනම් කල රාජ්‍ය වෙසක් මහෝත්සවයේ බුද්ධ පුජාව මෙන්න

colombotoday

බිමතින් රිය පැදවු ලාල් කාන්ත අත්අඩංගුවට

colombotoday

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයට සෞදියෙන් ඒවා ඇති ඩොලර් මිලියන 100 ගැන පරීක්ෂණ

colombotoday

ඩොලර් මිලියන 95ක් අරන් ආයෝජකයන් යන්න යයි.. කොටස් වෙළදපල හාන්සියි !

colombotoday

දෙමටගොඩ චමින්දගේ රියදුරු කොණ්ඩ රිස්වාන් අත්අඩංගුවට

colombotoday