Colombo Today Local News

ඡන්ද නීති ප්‍රතිසංස්කරණයට විද්වත් කමිටුවක් පත් කෙරේ

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලැබුණු යෝජනා විශ්ලේෂණය කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලි‍යනගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කළ බව එම කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ ආචාර්ය අනුර කරුණාතිලක, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, මහාචාර්ය පී. බාලසුන්දරම් පිල්ලෙයි සහ බාලචන්ද්‍රන් ගෞතමන් යන මහත්වරුන්ය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (27)දින රැස්වුණු අතර මෙම කමිටුව පත්කිරීමට තීරණය ගෙන ඇත්තේ එහිදීය.

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් සිවිල් සංවිධාන 155කින් සහ මහජනතාවගෙන් යෝජනා ඉදිරිපත් වී ඇතැයි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශවවලට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබාදී තිබූ කාලය පසුගිය ජූලි 15 වැනිදායින් අවසන් විය.

Related posts

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

colombotoday

සහල් සදහා නව ගැසට්පතක් නෑ!තවම වලංගුවන්නේ 2019/05/31 ගැසට්පතයි!

colombotoday

සම්බන්ධන් නව අගමැති මහින්ද හමුවේ…

colombotoday

මැදවච්චියෙන් වසර 1700ක් පැරණි සෙල් ලිපියක් හමුවෙයි!

colombotoday

මධ්‍යම පරිසර අධිකාරියේ ටෙන්ඩර් මගඩියක් නිසා විශාල පාඩුවක්…!

colombotoday

ඩලස්ගේ තැනට, ලක්ෂමන් යාපා – බන්ධුලගේ තැනට තිලකසිරි

colombotoday