Colombo Today Local News

දඩයමේ ගිහින් තැබු වෙඩි පහරක් වැදී පුද්ගලයෙක් මරුට

ඉඟිණියාගල පොලිස් වසමේ නාමල්තලාව ප්‍රදේශයේ දඩයමේ ගිය පුද්ගලයෙක් ට වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (28)දින රාත්‍රී 10.30ට පමණ සතුන් දඩයමේ ගොස් සිටි පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයක් සතෙකුට තැබු වෙඩි පහරක් වැදී බරපතළ තුවාල ලබා ඇත.

පසුව එම පුද්ගලයාව ඉඟිණියාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වු නාමල්ඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

එම වෙඩි තැබීම සිදුකළ සැකකරු මෙරට නිෂ්පාදිත ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට තිබේ.

ඉඟිණියාගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න මන්නාරමේ දේශපාලකයෙක් බලපෑම් කළා….

colombotoday

සූරියකන්ද-දෙනියාය මාර්ගයේ ගමනාගමනය ඇණහිටී

Admin

නිදහස් සමරුව වෙනුවෙන් ‘සංහිදියා‘ නෝට්ටුවක් නිකුත් කරයි

colombotoday

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

හරීන් ඇමති ධුරයෙන් ඉවත් වෙයි

Admin

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති සමඟ පාසල් සිසුවෙක් අත්අඩංගුවට

Admin