World

ට්‍රම්ප්ගේ තාප්පයට මෙක්සිකෝව හරස් වෙයි

මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙකසිකෝ ඇමරිකානු දේශසීමා වෙන් කරන තාප්පය ඉදිකිරීම සදහා නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එරට ආරක්ෂක අමාත්යංශය විසින් මේ සදහා සැලසුම් සකස් කිරීමට පියවර ගන්නා බවයි New York Times පුවත්පත වාර්තා කර සිටින්නේ. අනවසර සංක්‍රමිකයන් මෙක්සිකානු දේශසීමා හරහා ඇමරිකාවට ඇතුල්වීම නැවත්වීම සදහා මෙම පියවර අත්‍යවශ්‍ය සාධකයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණය අතරතුර අවධාරණය කර සිටියා.

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ තීරණයට තමන් රටේ සහය හිමි නොවන බවට මෙක්සිකෝ ජනාධිපති එන්රික් පෙනා නීටෝ ප්‍රකාශ කර ඇති බවද පවසන විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ට්‍රම්ප් පවසන්නේ, සීමා මායිම් නැති බිමක් රටක් නොවන බව ය. ඒ අනුව අමෙරිකාවේ දේශසීමා ආරක්ෂා කිරීම සඳහා නව සංක්‍රමණික නිලධාරීන් 10,000 ක් බඳවා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කර තිබිණි.

Related posts

ජෝ බයිඩන් ඇද වැටෙයි

Admin

කොවිඩ් වැළදී ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් රෝහල තුළදී දූෂණය කරලා

colombotoday

කොවිඩ් වෛරසයේ මූලාරම්භය සෙවීමට නව කමිටුවක්

colombotoday

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

colombotoday

ඇෆ්ගනිස්තානයේ 08 වන පළාත් අගනුවරත් තලෙයිබාන් සංවිධානය ආක්‍රමණය කරයි

colombotoday

ඉන්ධන සහනාධාරය ඉවත්කල කසක්ස්තානයේ ගැටුම් – 164ක් මරුට

colombotoday