World

කොවිඩ් වෛරසයේ මූලාරම්භය සෙවීමට නව කමිටුවක්

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සෙවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් විමර්ශන කමිටුවක් නම්කර තිබේ.

එය කමිටුව සාමාජිකයින් 26දෙනෙකුගෙන් සමන්විත වන අතර නම් කර ඇත්තේ සේගෝ (Sago) ලෙසය.

කොවිඩ් වෛරසය වූහාන් හි සත්ත්ව මාංශ වෙළෙඳපොළකදී සතුන්ගෙන් මිනිසා වෙත සම්ප්‍රේෂණය වූවාද, නැත්නම් වූහාන් හි විද්‍යාගාරයකින් කාන්දු වූවාද යන අනුමාන දෙකක් යටතේ එම කමිටුව පර්යේෂණ සිදුකරනු ඇත.

මීට පෙරද ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක් විමර්ශන කමිටුවක් වූහාන් වෙත පැමිණ විමර්ශනවල නිරතවූ අතර එහිදී අනාවරණය වුණේ වෛරසය කිසිසේත් විද්‍යාගාරයකින් කාන්දුවීමේ ඉඩක් නොමැති බවය.

කෙසේ වෙතත් නිසි නිගමනයකට පැමිණීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී නැතැයි ඉන් අනතුරුව ලෝක සෞඛ්‍ය ප්‍රධානියා පැවසුවේය.

නව කමිටුව සැලකෙන්නේ වසංගතයේ මූලාරම්භය සෙවීම සම්බන්ධයෙන් ඇති අවසන් අවස්ථාව ලෙසය.

කොවිඩ් ගෝලීය වසංගතය පිළිබඳ පළමුවරට අනාවරණය වී මේ වන විට දෙවසරකට ආසන්න කාලයක් ගතවී තිබේ.

ලොව පළමු නිල කොවිඩ් රෝගියා වාර්තාවුණේ චීනයේ වූහාන් නගරයෙනි.

කෙසේ වෙතත් තවමත් එහි මූලාරම්භය සම්බන්ධයෙන් නිශ්චිත හඳුනාගැනීමක් සිදුකර නොමැති අතර තවමත් ඇත්තේ ඒ පිළිබඳ න්‍යායාත්මක කරුණු පැහැදිලිකිරීම් පමණය.

Related posts

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමං වූ කාන්තාවක් දින 5කට පසු බේරා ගනී

Admin

ඔබාමාට පණ නෑ… ISIS ත්‍රස්වාදීන් විනාශ කරන්න ප්‍රබල නායකත්වයක් ඕනෑ – ඇන්ජලීනා ජොලීගෙන් ඔබාමාට දෝස් මුරයක්

colombotoday

එන්නත් අභිබවා යන කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ

colombotoday

මාලි ජනපති හා අගමැති හමුදා රැඳවුම් බාරයට

colombotoday

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ට කොවිඩ්

colombotoday

ඔමික්‍රෝන් රටවල් 24කට ඇතුළු වෙයි.

colombotoday