Colombo Today Local News

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි !

මේ වනවිට රටේ ගිහි පැවිදි විද්වතුන් වගේම බහුතර ජනතාව නව වෙනසකට මුල පුරමින් සිටින බවත් ඒ සඳහා අලුත් පිම්මකට සූදානම් වීමට සිදුව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ අලුත් පිම්ම පැනීම සඳහා තමා දැනටමත් සූදානමින් සිටින බව පසුගියදා මල්වතු විහාරයේදී මල්වතු මහ නාහිමි අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දුටු ඒ මහතා ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසී ය.

“මම වසර 35කට අධික දේශපාලන පළපුරුද්දක් තියෙන කෙනෙක්. මේ වන විට දේශපාලන පක්ෂ වෙතින් නොයෙක් සංවිධාන වෙතින් මට ආරාධනා විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා. නමුත් මම මේ දිනවල කා සමඟවත් සෘජු දේශපාලන සබඳතාවක් නෑ. අවශ්‍ය වෙලාවට නව මහජන බලවේගයක් සමඟ මම නැවතත් දේශපාලනයට එනවා” යැයිද ඒ මහතා සඳහන් කළේය.

“මාව හිරේ දාලා මගේ දේශපාලන ගමන නම් නවත්වන්න බෑ. මේ රටේ දේශපාලන වේදිකාවල කතා කරපු දෙයකට කාටවත් නඩු දාලා නැහැ. නමුත් මට නඩු දාලා දවස් 50ක් බන්ධනාගාර ගත කළා. මට විරුද්ධව කූට ලේඛන හදපු බවට චෝදනා නෑ. වෙන චෝදනා තමයි දාලා තියෙන්නේ. මේ සඳහා ස්වාධීන නඩු විභාගයක් මම අපේක්ෂා කරනවා. යුක්ති සහගත නඩු විභාගයක් සිදු නොවුණහොත් මම ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ සහාය ගන්න බලාපොරොත්තු වෙනවා” යැයිද ඒ මහතා පැවසී ය.

Related posts

හින්දු කෝවිල්වල බිලි පූජා තහනම්.. විශේෂ පනත කැබිනට් අනුමැතියට

colombotoday

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනි කම්හල් ගනුදෙනුවේ සම්පූර්ණ කතාව මෙන්න

colombotoday

ඇමතිකම් ගත් සියල්ලන් නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් නෙරපයි

colombotoday

සිව්දින නිල සංචාරයකට ජනපති ජර්මනියට

Admin

කිලිනොච්චියේ පුද්ගල ඝාතනයක්

colombotoday