Colombo Today Local News

රිෂාඩ්ව නිදහස් කරන්නැයි පාක්ෂිකයන් හත් අට දෙනෙකුගෙන් විරෝධතාවයක්

අත්අඩංගුවට ගෙන ඇති, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් , වහා නිදහස් කරන ලෙස බල කරමින් පාක්ෂිකයින් කිහිපදෙනෙකු විරෝධතාවක අද (28)දින වව්නියාවේදී නිරත විය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, පළිගැනීම සඳහා කළ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීමක් බවත්, විරෝධතාකරුවෝ සඳහන් කර සිටි.

පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්දයක් නොමැති බවට තහවුරු වී තිබියදී, විවිධ පාර්ශ්වයන්ගේ දේශපාලන වුවමනාවක් ඉටු කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ජනතාවට සේවය කිරීමට කැපවී සිටින මෙවැනි ජනතාවාදී නායකයන් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටකට නොගැලපෙන බවද රිෂාඩ් බදුර්දීන්ගේ පාක්ෂිකයෝ පවසයි.

කෙසේ වුවද විරෝධතාව පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින්, විරෝධතාවය නතර කරන ලෙස දැන්වීම හේතුවෙන් විරෝධතාව අතරමග නතර කර තිබුණි.

Related posts

ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාවක්

colombotoday

නොකළ වරදකට චෝදනා කරමින් බදුල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයා කුඩා දරුවෙකුට පිහියක් දී අත කපා ගන්න කියලා…

colombotoday

මහ මැතිවරණය පැවැත්විය හැකියි- මහින්ද දේශපි‍්‍රය

colombotoday

මුලතිව් රෝහල පිටුපස තිබී විශාල මෝටාර් බෝම්බයක් හමුවෙයි

colombotoday

මෝටර් රථ 7500ක් රැගෙන ජපානයේ ‘ගුවාසෝ හයිවේ‘ හම්බන්තොටට…

colombotoday

ජනාධිපති අද අපෙන් පළිගන්නවා – මුළු රටම අපිත් එක්ක ඉන්නේ

colombotoday