Colombo Today Local News

“හොරු එලවන්න ආපු මට, දැන් හොර කල්ලියක් එක්ක ඉන්න වෙලා“ – ජනපති

රාජකීය හොර පවුලකට එරෙහිව පසුගිය ආණ්ඩුවෙන් එලියට පැමිණි තමාට, දැන් හොරු කල්ලියක් සමග එකට සිටීමට සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කනස්සල්ලෙන් යුතුව පවසා ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරින් කිහිප දෙනෙනෙකු අමතමින් ජනාධිපතිවරයා ඊයේ (24) එබව සඳහන් කර ඇත්තේ, ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු විසින් විගනකාධිපතිවරයට තර්ජනය කිරීමේ පුවතක් වාර්තාවීමත් සමගය.

කිසිඳු දේශපාලන බලවතෙකුට වංචා දුෂණ යට ගැසීමට ඉඩනොදෙන ලෙසත්, ජනතාව වෙනුවෙන් නොබියව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී එම නිලධාරීන්ට අවධාරණය කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.

අදාළ ඇමතිවරයා ඉල්ලු වාර්තාවක පිටපතක් විගණකාධිපති විසින් කතානායක වරයාට ලබාදීම සම්බන්ධයෙන් මෙම තර්ජනය සිදුව ඇතැයි වාර්තාවේ.

srilankamirror.com

Related posts

අගෝස්තු මස 01 වැනිදා ගුවන් තොටුපළ විවෘත නොවේ

colombotoday

දේශද්‍රෝහීන්ට මරණ බිය දැනෙයි !!

colombotoday

නව අමාත්‍යාංශ දෙක ධම්මික පෙරේරාට?

colombotoday

ආර්ථිකය නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක් ද? – කතෝලික සභාව

Admin

“අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නෑ.. බුද්ධාගමටත් හානියක් නෑ” – ඇමති පා.ච. කියයි

colombotoday

ශ්‍රී ලංකාවට කෝචොක් දමා ස්විස් තානාපති කාර්යාලය ගහපු ගේම

colombotoday