Colombo Today Local News

රාජ්‍ය මුද්‍රණාලයේ පොත් මුද්‍රණ නිමැවුම් අංශය වහයි

රජයේ මුද්‍රණාලයේ අංශ ප්‍රධානියකු ඇතුළු සේවකයන් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එහි පොත් මුද්‍රණ නිමැවුම් අංශය අද සිට වසා දැමූ බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

කොවිඩ් ආසාදිත මෙම සේවකයන් සිව්දෙනාගේ ළඟම ආශ්‍රිතයන්වු සේවකයන් විසි නම දෙනකු නිරෝධායනයට යොමුකර ඇතැයි ද ඇය සඳහන් කළාය.

කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමෙන් පසු රජයේ මුද්‍රණාල පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කළ බව එහි නිලධාරීහු පවසති.

මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ සේවකයන් ඉදිරියේදී කොටස් වශයෙන් සේවයට කැඳවීමට කටයුතු යොදා ඇතැයි කී කල්පනා ලියනගේ මහත්මිය මුද්‍රණාලයේ ලියකියවිලි හා පොත් පත් පරිශීලනය කරන ආකාරය සම්බන්ධයෙන් ද සේවකයන්ට සෞඛ්‍ය නීති මාලාවක් හඳුන්වා දුන් බව පැවසුවාය.

Related posts

රජයේ සේවකයන් ගන්න පඩියට වැඩ නෑ – රවී කරුණානායක ජනතාව ගැන හිතයි

Admin

ප්‍රභාකරන් මළ දා ජාත්‍යන්තර ශෝක දිනයක් කිරීමට යෝජනා වෙයි

colombotoday

මහරගම පිළිකා රෝහලට ඇතුලත් වෙන්න හැදූ කොරෝනා ආසාධිත මොහොමඩ් රියාල්

colombotoday

රටම බලාසිටි ඓතිහාසික තීන්දුව අද හවස 4ට

colombotoday

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin

ජවිපෙ සමන්තට එරෙහිව ඌව මහ ඇමති සීනිගමදී මිරිස් අඹරයි

colombotoday