Colombo Today Local News

හදිසි තත්ත්වයක්.. ඇමති රාජිතගෙන් සියළුම ඇමතිවරුන්ට ලිපි !

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සියළුම කැබිනට් අමාත්‍යවරුන් සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් වෙත ලිපියක් යොමුකොට තිබේ.

මේ වසරේ ගතවූ දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන් දිවයිනේ සියලු රාජ්‍ය ආයතන ලබන 24 වනදින පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි එම ලිපියෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව එම ආයතන පිරිසුදුව තබාගැනීම එම ආයතන විසින්ම සිදු කළ යුතු අතර ලබන 25, 26 සහ ,27 යන දිනයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් අදාළ ආයතන පරීක්ෂා කිරීම සිදුකරනු ලැබේ.

විශේෂයෙන් මේ වසරේ ගතවූ දින 17ක කාලය තුළ ඩෙංගු ආසාදිත පුද්ගලයන් 1311වාර්තා වී ඇත.

Related posts

ප්‍රභාකරන් සමරන්න විග්නේශ්වරන්ගෙන් 18 දා උත්සවයක්‌

colombotoday

නිවාස සංකීර්ණයක ඉහළ මහලෙන් පැන අයෙක් දිවිනසා ගනී

colombotoday

පිරිසක් නිවසකට වෙඩිතබා පළාගිහින්

Admin

පොලිස් ඇමතිට අපහාස කල දුමින්ද නාගමුව ට CIDයෙන් කැඳවීමක්

Admin

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක් මුදාහැරේ !

colombotoday

නැගෙනහිර සෑම රජයේ ආයතනයකම ගෙවත්තක් අනිවාර්යයි

colombotoday