Colombo Today Local NewsHot News

ප්‍රභාකරන් සමරන්න විග්නේශ්වරන්ගෙන් 18 දා උත්සවයක්‌

යුද සමයේදී මියගිය පිරිස සැමරීම සඳහා මැයි මස 18 වැනිදා මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේදී සමරු උළෙලක්‌ පැවැත්වීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්‌ඩලය 7 දා තීරණය කොට තිබේ.

ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී මේ පිළිබඳව අවසන් තීරණයකට එළඹීම පිණිස විශේෂ සාකච්ඡාවක්‌ පැවැති අතර එහිදී තීරණය වී ඇත්තේ මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ ඉදිකොට තිබෙන යුද්ධයෙන් මියගිය පිරිස සැමරෙන විශේෂ ස්‌මාරකය අභියසදී එම උළෙල පැවැත්වීමටය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැති මේ සාකච්ඡාවට උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් හා තවත් මන්ත්‍රීවරුන් කීප දෙනකුම සහභාගි වී ඇති අතර 18 දා උදැසන එම ස්‌ථානයේ පහන් දල්වා මියගිය පිරිස සැමරීමට තීරණය කොට ඇත.

යුද්ධයේදී තම ඥතීන් මියගිය පිරිසට මෙම අවස්‌ථාවට සහභාගි වන මෙන් දැනුම් දීමේ වගකීම පළාත් පාලන නියෝජිතවරුන්ට පවරා ඇත.

දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ද මේ අවස්‌ථාවට සහභාගි වන අතර යුද්ධයේදී මියගිය එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු සියලුම දෙනා සැමරීම පිණිස මෙම උළෙල සංවිධානය කොට තිබේ.

Related posts

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

colombotoday

දිනමිණ ප්‍රධාන කර්තෘ ඉවත් කරයි

Admin

“වෙසක් පොහොයෙන් අපට වැඩක් නෑ…..” – “පුවත සදාචාරාත්මක නෑ… එහෙම කීවෙ නෑ” – පෙරටුගාමී පක්ෂය

colombotoday

රාජ්‍ය ලාංඡනය අවභාවිතා කළ උලමා සභාව මට්ටු වෙයි.

colombotoday

තලතා වෙනුවට කරුණා දිවුරුම් දෙයි

Admin

ඇමති සරත් වීරසේකර ලෝක පොලිස් සමුළුවට සහභාගී වෙයි

colombotoday